Gossip

“නිතරම මම ගෙදර යනවා – මම ලොකුවට හීන මවන් හීන එක්ක ජීවත් වුණු කෙනෙක් නෙවෙයි” – අලුත බැන්ඳ තිසුරි කියපු කතාව

තිසුරි යුවනිකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. පසුගියදා ඇය විවාහ දිවියට ඇතුලත් වුණා. ඉතින් ඇය ඇගේ අලුත් විස්තර ගැන පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට.

විවාහයෙන් පස්සේ නිර්මාණවලට සම්බන්ධ වෙද්දී තවත් සීමා දාගෙනද?
මම කොහොමත් සීමාවක් තුළ ඉඳලා රංගනය කළ කෙනෙක්. ඒ නිසා විවාහ වුණා කියලා අලුතින් සීමා දාගන්න මට අවශ්‍ය වුණේ නැහැ. සුපුරුදු පරිදි රංගන කටයුතු කරගෙන යනවා. සැමියාගෙනුත් ඒ වෙනුවෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

තාමත් චරිත තෝරගන්නේ අම්මා තාත්තාගෙන් අහලද?
ඔව්, චරිත තෝර ගනිද්දී කොහොමත් මම අම්මා, තාත්තා, සැමියා එක්ක ඒ ගැන කතා කරනවා. මම හැමදේම කතා කරන කෙනෙක්. දවසේ වෙන දේවල් වුණත් මට ගෙදර ගිහින් කතා කරන්න ඕනේ. සමහර වෙලවට ඒගොල්ලෝ මට පූර්ණ නිදහස දීලා තිබුණත් ඒගොල්ලන්ට ඒ දේවල් කියන එක මගේ පුරුද්දක්.

විවාහයෙන් පස්සේ අම්මා තාත්තා එක්ක රැඳෙන්න වෙලා තියෙනවාද?
ඔව්. නිතරම මම ගෙදර යනවා. අම්මලත් මාව බලන්න එනවා. සුපුරුදු විදියටම අම්මා, තාත්තා එක්ක ඉන්නවා. වෙනසකට තියෙන්නේ තව කෙනෙක් පවුලට එකතු වුණු එක විතරයි.

මේ වසරේ තිසුරිට සම්මාන හිමි වුණු අවස්ථා වගේම නිර්දේශ වෙලත් සම්මාන නොලැබුණු අවස්ථා තිබ්බා. ගිලිහුණු සම්මාන ගැන දුකක් නැද්ද?
මම කවදාවත් සම්මාන බලාගෙන රඟපාලා නැහැ. මගේ අම්මා මට මුලින්ම කියලා තියෙනවා ලංකාවේ සම්මාන බලාගෙන රඟපාන්න එපා කියලා.

ඇතැම් නිර්මාණවලට අනෙක් අයගෙන් පැසසුම් ලැබුණු අවස්ථාවල පවා සම්මාන ගිලිහුණු අවස්ථාවන් තිබුණා.
සම්මානයක් කියන්නේ ඉදිරි ගමනට උත්තේජනයක්. සම්මානයක් ලැබුණොත් ඒක සතුටින් භාර ගන්නවා. මට ලැබෙන නිර්මාණවලට උපරිම සාධාරණයක් ඉටු කරනවා. ඒ නිසයි ක්‍ෂේත්‍රයේ මෙච්චර කල් ඉන්න පුළුවන් වුණේ. මට හොඳම නිළිය සම්මානේ පවා හිමි වෙලා තියෙනවා. කොහොම වුණත් ලොකුම සම්මානය තමයි ප්‍රේක්‍ෂක සම්මානය.

විවාහයත් එක්ක අලුත් හීන ජීවිතේට එකතු වෙලාද?
මම ලොකුවට හීන මවන් හීන එක්ක ජීවත් වුණු කෙනෙක් නෙවෙයි. අද දවස හොඳින් ගත කිරීම සහ කාටවත් කරදරයක් නැතිව නිදහසේ ජීවත් වීම තමයි මට තියෙන බලාපොරොත්තුව.

ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. ඉදිරියට මගේ පවුලේ අයත් එක්ක මගේ මහත්තයාගේ පවුලේ අයත් එක්ක සතුටින් හොඳින් ජීවත් වීම තමයි මගේ එකම හීනය.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!