Gossip

“නැති වෙන දේවල් ගැන දුක්වෙලා තේරුමක් නෑ. දෙයක් නැති වෙන්නේ සමහරවිට අපි හිතනවට වඩා දේවල් ලැබෙන්න වෙන්නත් ඇති.” – ෂෙහානි කහඳවල – Photos

ළමා නිවේදිකාවක් විදිහට රසික ආලින්දයට ඇවිත් විවිධ චරිත හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු නිළියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ.
ඇය මේ දවස්වල මොකද කරන්නේ..?
ඒ ගැනත් තවත් විස්තර ගැනත් ෂෙහානි මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

ෂෙහානි පසුගිය දවස්වල ලංකාවේ හිටියේ නෑ නේද?
ඔව්. විදේශගත වෙලා හිටියේ පසුගිය දවස්වල. පැරිස්වල සහ ඉතාලිවල ටුවර්ස් දෙකක් තිබුණා. 29 වැනිදා තමයි ලංකාවට එන්න හිටියේ. නමුත් ඊට කලින් මම ලංකාවට ආවා

ෂෙහානි නිර්මාණ කටයුතුවල පේන්න නැත්තේ රංගනයෙන් ඈත් වෙලාවත්ද?
නෑ… නෑ… රංගන කටයුතුවලින් ඈත් වෙලා නැහැ. පුංචි නිවාඩුවක් ගත්තා. ඉස්සරහට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ෂෙහානි රංගනයේදී සීමා දාගෙනද වැඩ කරන්නේ? ඒකද අඩුවෙන් පේන්න ඉන්නේ?
එහෙම සීමා මායිම් නැහැ. දැන් ගොඩක් අය මුදල් මත යැපෙන්නේ. මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක් වෙනවා.
ඒ අවුරුදු හය ඇතුළේ මම හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා. මම වැඩකදී මගේ මිල කියනවා.
අපේ රටේ හොඳ නිළියන්ට සිනමාවේ, පුංචි තිරයේ දැන් තැනක් නැත්තේ අලුතින් එන සමහර අය පොඩි පොඩි ගණන්වලට වැඩ කරන නිසා. පොඩි මුදලකට ගන්න පුළුවන් අය වැඩවලට අරගත්තම හොඳ නිළියන්ට අවස්ථා නැති වෙනවා. කරන වැඩේ තත්ත්වය ගැන නෙවෙයි, මුදල ගැන හිතලා වැඩ කරන නිසා සල්ලිත් ඉතුරු කර ගන්න බලාගෙන අඩු ගාණට වැඩ කරන අය නිර්මාණවලට අරගෙන වැඩකරන තත්ත්වයක් තියෙන්නේ.

ෂෙහානි අඩු මුදලට වැඩ කරන නිළියක් නෙවෙයිද?
මම අඩුවෙන් වැඩ කරන නිළියක් නෙවෙයි. මගේ වාසනාවකට මට ජනතාවගේ ආදරය දිනා ගන්න නිර්මාණ ලැබෙනවා.

එක වැඩක් කරලා නිහඬ වෙන එක ප්‍රතිපත්තියක්ද?
නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක්වත් හිතලා කරන දෙයක්වත් නෙවෙයි. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්.

එකදිගට වැඩවල පේන්න ඉන්න වුවමනාවක් ෂෙහානිට නැද්ද?
එක දිගට පේන්න ඉන්න ලොකු ඕනෑ කමක් නෑ. මාව දන්න අය මං ගැන දන්නවා. අර නිර්මාණයේ මේ නිර්මාණයේ ඉන්න ඕන, කාව හරි කපාගෙන යන්න ඕන කියලා දෙයක් මට නැහැ. හොඳ දෙයක් නම් මම කරනවා.

ඒ කියන්නේ ෂෙහානිගේ අතමිට සරු ඇති?
අනේ එහෙම සරුවක් නෑ. මම සාමාන්‍ය විදිහට පාඩුවේ ජීවත්වෙන කෙනෙක්. ආර්ථික මට්ටමේ හැටියට ජීවත් වෙන කෙනෙක්. මාව ගන්න ගන්න කියලා මම නිර්මාණකරුවන්ට මාව මතක් කරගෙන යන්නේ නෑ. මාව නිර්මාණයකට ඕනේ නම් මාව ඒ වෙනුවෙන් මතක් වෙයි. මගේ අම්මා මට හැමදාම කිව්වේ ඉවසන්න කියලා. ලැබෙන දේ ලැබෙයි.

පුංචි තිරය නම් ෂෙහානිට හුරුපුරුදුයි. සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා ලැබුණා. පහුගිය කාලේ මට විදේශගත වෙන්න තිබුණ නිසා ඇතිවුණු දින ප්‍රශ්න එක්ක මම සිනමා නිර්මාණවලට ලැබුණු ආරාධනා මඟහැර ගත්තා.

මඟහැරගත්ත දේවල් ගැන දුකක් නැද්ද?
හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. නැති වෙන දේවල් ගැන දුක්වෙලා තේරුමක් නෑ. දෙයක් නැති වෙන්නේ සමහරවිට අපි හිතනවට වඩා දේවල් ලැබෙන්න වෙන්නත් ඇති.

ෂෙහානිගේ සරාගී ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවල පැතිරෙන්න ගත්තා. ඒ ඡායාරූපවලට විවිධ අදහස් එකතු වෙලා තිබුණා. ෂෙහානි එක පාරට සරාගී වෙන්න හිතුවේ ඇයි?ඇත්තටම ඒ ඡායාරූප පෙළ කළේ ප්‍රොජෙක්ට් එකකට. මොකද මට වෙන රටකින් අවස්ථාවක් ඇවිත් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මට ජාත්‍යන්තර මට්ටමේ ඡායාරූප ටිකක් ඕන වුණා. මං ගාව ඡායාරූප ටිකක් තිබ්බා. ඒවා තියාගෙන මොකටද? ඒවා මම පළ කළා. ඉතින් ඒ ඡායාරූපවලට මිනිස්සු එයාලගේ විවිධ මත පළ කළා. මම ඒවා බල බල ඉන්නවා.

අඳින පලඳින දේවලට විවිධ විවේචන එද්දී ෂෙහානිට ඒවා දරාගන්න පුළුවන්ද?
මම ඒවා දරා ගන්නවා. මේ ළඟදී මම නත්තල් උත්සවයකට ඇඳුමක් ඇඳගෙන ගියා. නමුත් ඒ ඇඳුමෙන් මොකුත් පේන්නෙත් නෑ. ඉතින් මිනිස්සු එක එක දේවල් කියාගෙන දඟලන්න ගත්තා. මිනිස්සු බලන්නේ එයාලට ඕන විදිහට.
සමහරු මගේ පරණ ඡායාරූපත් එළියට ඇදලා එක එක දේවල් කියන්න ගත්තා. ලංකාවේ සමහරු අලුත් විලාසිතා පිළිගන්න කැමැති නැහැ. අලුත් විලාසිතා කියන්නේ ඇඟ පේන්නම අඳින ඒවා නෙවෙයි. එහෙම ඇඟ පේන්නේ නැතිව කරන විලාසිතාවලටත් මිනිස්සු බනිනවා.

විලාසිතා කරද්දී අතපය පේන්න පුළුවන්. ගොඩක් අය සංස්කෘතිය ගැන කතා කරනවනේ. එතකොට රෙද්දයි හැට්ටෙයි, සාරියයි, ප්‍රශ්නයක් නැද්ද?
ඒ ඇඳුම් ඇන්දම ඇඟේ කොහෙවත් පේන්නේ නැද්ද? මිනිස්සු යාවත්කාලීන වෙන්නේ නෑ. අලුත් දේවල් එකතු කරගන්නේ නෑ. මම මට ගැළපෙන දේ කවුරු මොනවා කිව්වත් කරනවා. මම අප්‍රිය දේවල් කරලා නැහැ.
අපි හැමදාම අතීතයේ දේවල් හොඳයි කිය කිය ඉන්නවා. අලුත් දෙයක හොඳ දකින්න කැමැති නෑ. අපි අලුත් වෙලා ඉදිරිය ගැන හිතලා ගතයුතු දේවල් අරගෙන අනාගතය නිර්මාණය කරගන්න ඕන.

ෂෙහානි ජාත්‍යන්තර වැඩකටත් අතගහන්නයි යන්නේ?ඔව්. ජාත්‍යන්තර වැඩක් ගැන සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඒක මට හොඳ අවස්ථාවක්. 2020දී එහි වැඩ පටන් ගන්න පුළුවන් වෙයි. ඒක පොඩි නෙවෙයි ලොකු ප්‍රොජෙක්ට් එකක්.

දැන් විවාහය ගැන තීරණයක් අරගෙනද තියෙන්නේ?
තාම විවාහයට කෙනෙක් නැහැ. හම්බවෙන කෙනෙක් හිටියොත් කවදා හරි හම්බ වෙයි.

මොනවද අලුත් අවුරුද්දේ විශේෂ සැලසුම්?
මගේම ගීතයක් රසිකයන් අතරට ගේන්න බලාපොරොත්තු වෙනවා. කලාවට එන ගොඩක් අයට එක දක්ෂතාවයි තියෙන්නේ. මට දක්ෂතා කිහිපයක් තියෙනවා.
මගේ තාත්තාගේ පැත්තේ අය කලාවට දක්ෂතා තිබෙන අය. ඉතින් මට තමයි ඒ අයගෙන් ඉදිරියට එන්න වාසනාව ලැබුණේ. මට රංගනයට, නර්තනයට, ගායනයට වගේම චිත්‍ර අඳින්නත් හැකියාව තිබෙනවා. ඒ වගේ හැකියාවන් තිබීම ගැන මම සතුටු වෙනවා.

රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගීත ගායනයට එන එක දැන් රැල්ලක් වෙලා. ෂෙහානිත් ඒ රැල්ලට අහුවෙලා කියලා සමහරු හිතන්න පුළුවන්?
මම රැල්ලට දේවල් කරන කෙනෙක් නෙවෙයි. මට ඕනේ වෙනස් දෙයක් කරන්න. මේ මාසේ අග හෝ පෙබරවාරි මාසයේදී ගීතය එළියට ගේනවා.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!