Gossip

නාමල්ගේ අඩි පාරේ යමින් තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පක්ෂය මාරු කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම එහි සාමාජිකත්වය අතහැර පොදුජන පෙරමුණ සමග එක්ව තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයට තරග කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක යන අය පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව සිය ට්විටර් ගිණුම් හරහා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර අද උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද පොදුජන පෙරමුණ සමග එක්වන බව ඔහු ට්විටර් සටහනක් යොදා කියා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!