Gossip

නව අගමැති මහින්ද පත්වීමත් සමඟ අලුත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි..? – තොරතුරු මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පිහිට වූ අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය හෙට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (26) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දුන් අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාද ධුරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර ඇති අතර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේය.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස16 වැනිදා නැවත රැස්වීමට නියමිතයි.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවා.

මේ අතර පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!