Gossip

නදීමාල් ළඟින්ම ඇසුරු කරන යහළුවන්ට සාරංගගෙන් කනේ පහරක්

නව පරපුරේ ගායක නදීමාල් පෙරේරා ඩුබායි රටින් පිටුවහල් කිරීමත් සමග පසුගිය 27 වනදා උදෑසන ලංකාවට ආවා.

මේ අතර නදීමාල් වැරදිකරුවෙක් නොවී ඉක්මනින්ම ලංකාවට එයි කියලා ප්‍රේක්ෂකයින්, නෑදෑයන් වගේම ඔහු ළඟින්ම ඇසුරු කරන යහළුවෝ පවා බලන් සිටියා. නදීමාල් වෙනුවෙන් සමාජජාල මාධ්‍යයන් පුරාම ඔහුගේ යහළුවන් සටහන් තිබ්බා. නමුත් ඔහු පසුගිය 27 වනදා කටුනායක ගුවන් තොටුපළට පැමිණියත් ඔහුගේ එම යහළුවන් ගුවන් තොටුපලට ඇවිත් තිබුණේ නැති එක බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.

මේ ගැන ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර සිය ෆේස්බුක් ගිණුම මගින්ද සටහනක් යොදා තිබුණා. එහි දැක්වුණේ ”නදීමාල්ට පණ දෙන්න හිටපු යාළුවො කවුරුත් Airport එකේ දැක්කෙ නෑනේ……” යනුවෙනුයි.

කොහොමවුණත් ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර මෙහෙම දාපු ෆේස්බුක් සටහන බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වෙලා තියෙනවා. සාරංග මෙහෙම කියපු කතාව ඇත්ත කියලා ගොඩක් දෙනෙක් පිලිගන්නකොට තවත් සමහර අයනම් මේ කතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!