Gossip

ධනුෂ්ක ගුණතිලක ගෙන්වූ නෝර්වේ තරුණිය හමුවෙලා තියෙන්නේ ෆේස්බුක් එකෙන් – හෝටලයේ සීසීටීවී දර්ශනත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක්

නෝර්වේ ජාතික තරුණියකට අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පසුගිය 23 වනදා ඉදිරිපත් කළ අතර ඔහු හෙට (26) වන දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයි විසින් නියෝග කෙරුණා.

කෙසේවෙතත් මෙම සිද්ධියට ධනුෂ්ක ගුණතිලකගේ සම්බන්ධයක් නොමැති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණත් අදාළ තරුණිය පොලිසියට කළ පැමිණිල්ලෙහි ධනුෂ්ක ගුණතිලකගේ නමද සඳහන් වී තිබීම නිසා ඊයේ දිනයේදී ධනුෂ්කගෙන් කොල්ලුපිටිය පොලිසියෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඉකුත් 15 වැනි දින මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන නෝර්වේ ජාතික තරුණිය ඇයගේ තවත් මිතුරියක සමඟ මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබුණා.

පැමිණිලිකාරිය වන හෙයිස් බර්ජි බැකේන්සීන්ගේ මිතුරිය වන සිල්ජේ නයිලැන්ඩ් හට ධනුෂ්ක ගුණතිලක ෆේස්බුක් හරහා කතාබහ කොට මිතුරු වී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි කොළඹ සුපිරි හෝටලයට පැමිණෙන ලෙසට දන්වා තිබෙන අතර ධනුෂ්ක ගුණතිලක සමඟ මෙම සිද්ධියේ සැකකරුද එම හෝටලයේ රැඳී සිට එම නෝර්වේ තරුණියන් දෙදෙනා හෝටල් කාමරයට රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

සිවුදෙනාට අවශ්‍ය හෝටල් කාමරයත් පාන වර්ග සහ කෑම වර්ග ධනුෂ්ක ගුණතිලක විසින් ඇණවුම් කර ඇති අතර, හෝටල් භූමිය තුළ ඔවුන් සැරිසරන අන්දම එහි සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති බවත් එම සී.සී.ටී.වී. දර්ශන ඉදිරි විමර්ශන සඳහා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචි මාර්ග පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!