Gossip

දේශගුණික විපර්යාස ක්‍රියාකාරිනයක වන 16 හැවිරිදි ග්‍රේටා ‘වසරේ පුද්ගලයා’ ලෙස ලෝ ප්‍රකට ‘ටයිම්’ සඟරාවට..

ස්වීඩනයේ දේශගුණික විපර්යාස ක්‍රියාකාරිනයක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් ‘වසරේ පුද්ගලයා’ ලෙස ලෝ ප්‍රකට ‘ටයිම්’ සඟරාව විසින් තෝරා ගෙන තිබෙනවා.ග්‍රේටා ‘ටයිම්’ සඟරාවේ ‘වසරේ පුද්ගලයා’ ලෙස තේරී පත්වූ ළාබලතම තැනැත්තා ද වෙනවා. මිට පෙර මෙවන් ළාබාල කෙනෙකු තේරී පත්ව නැහැ.ඉකුත් සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුවේදී කරන ලද කතාව නිසා ග්‍රේටා වෙත ජාත්‍යන්තර අවධානය යොමු වුනා. දේශගුණික අර්බුද සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවට ග්‍රේටා එහිදි ලෝක නායකයන්ට චෝදනා කළා. පසුගිය සතියේ පැවැති දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව හෙවත් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවේදීද ඇය ලෝක නායකයන්ට චෝදනා කිරීම මෙම තෝරාපත් කරගැනීමට එක් හේතුවක් බවයි සදහන් වන්නේ.“ග්‍රේටා තුන්බර්ග් පෘථිවිය මුහුණ දෙන විශාලතම ප්‍රශ්නයේ විශාලතම හඬ බවට පත්වෙලා. ඇය අපේ සංස්කෘතියේ පරම්පරා මාරුවේ මූර්තිය බවට පත්වෙලා. වොෂින්ටනයේ තිබෙන කොංග්‍රසයේත් හොංකොං නුවර ශාලාවත් සෑම තැනකමත් එය සිදුවෙනවා” යැයි ‘ටයිම්’ සඟරාවේ ප්‍රධාන කර්තෘ එඞ්වඞ් ෆෙල්සෙන්තල් සඳහන් කර තිබෙනවා.

සෑම වසරකදීම ටයිම් සඟරාව එම වසරේ වඩාත්ම බලපෑමක් කළ පුද්ගලයා තෝරාපත් කරගන්නවා. එම පුද්ගලයාගේ ඡායාරූපයක් සඟරාවේ මුල් පිටේ එසේත් නැතිනම් කවරයේ පළ කරනු ලබනවා. පසුගිය වසරේදී ‘ද ගාඩියන්ස්’ නමැති මාධ්‍යවේදීන් කණ්ඩායමට එලෙස තෝරා ගත්තා. සිය රාජකාරීවලදී ඔහු ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුනා. 2017 වසරේදී ‘ද සයිලන්ස් බ්‍රේකර්ස්’ නමැති කණ්ඩායම් ටයිම් සඟරාවේ කවරයේ පෙනි සිටියා. එම පිරිස ලිංගික අව හැසිරීම් අනාවරණය කළ පිරිසක්.පසුගිය වසර ත්‍රිත්වයේදීම ටයිම් සඟරාවේ කවරය සැරසූ කිසිවකු ලෝක නායකයන් නොවීමද විශේෂත්වයක් බවයි සදහන් වන්නේ. 2016 වසරේ දී ටයිම් සඟරාවේ පුද්ගලයා බවට පත්වූයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඊට පෙර වර්ෂයේදී එම අවස්ථාව ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල්ට හිමිවුනා. ජනප්‍රිය නොවන එහෙත් කා අතරත් කතාබහට ලක්වූ ඇඩොල්ෆ් හිට්ලර්, අයතොල්ලා කොමේනි සහ ජොශප් ස්ටාලිං යන අය ද ටයිම් සඟරාවේ කවරය සරසා තිබෙනවා.
“ අපි එය හඳුන්වන්නේ මේ වසරේ සිදුවීම්වලට හොඳට හෝ නරකට වැඩිම බලපෑමක් කළ පුද්ගලයා ලෙසයි. ඒත් මම ඇත්තටම හිතනවා ‘ටයිම්’ කියන්නේ ලෝකය හැඩ ගැස්සවූ මිනිස්සු සහ අදහස් කියලා. ඒ වගේම වසරේ පුද්ගලයා කියන්නේ ඒ අවුරුද්ද හැඩගැස්සවූ මිනිස්සු කියලා” යැයි මේ සතියේදී ‘සී.එන්.එන්. බිස්නස්’ වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් එඞ්වඞ් ෆෙල්සෙන්තල් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!