Gossip

දෙමව්පියන්ට ගහලා ගෙදරින් පැන්න තරුණිය ගංජා එක්ක මාට්ටු වෙලා

ගංජා හා දුම්වැටිපානය කිරීමට දැඩි ලෙස ඇබ්බැහිවී සිටි 17 හැවිරිදි තරුණියක් හා තරුණයන් දෙදෙනකු මාකුඹුර ප‍්‍රදේශයේ දී පෙරේදා (29) දා රාත‍්‍රි අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි

මෙකී තරුණිය තරුණයන් දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත’ අත්අඩංගුවට ගත් තරුණිය සන්තකයේ ගංජා පැකැට්ටුවක් හා තරුණයන් දෙදෙනා සතුවද ගංජා පැකැට් දෙකක් තිබී සොයාගත් බව පොලිසිය පවසයි’ තරුණිය තෙල්ලඹුර ප‍්‍රදේශයේ පදිංචිකාරියකි’ ඇය තම දෙමව්පියන්ට ද පහර දී නොයෙකුත් වදහිංසා කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත’ මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ මෙකී තරුණිය තම දෙමව්පියන්ට පහරදී නිවසින් පලාගොස් තිබූ බවද පොලිසිය පවසයි’ ඇය දිනකට දුම්වැටි පැකැට්ටුවක් පානය කරන බවද පොලිසිය පවසයි’ අත්අඩංගුවට ගත් තරුණිය හා තරුණයන් දෙදෙනා ඊයේ (30 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!