Gossip

දෙදරු පියෙක්ගේ හිසට තියුණු ආයුධවලින් පහර දීලා අමානුෂික විදියට ඝාතනය කරලා

පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සේවය කළ විධායක නිළධාරියෙකු තියුණූ ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව දිඹුල පොලිසිය පවසනවා.

හැටන් දිඹුල ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකයි මෙය සිදුව ඇත්තේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ දිඹුල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක්.

ඊයේ (06) රාත්‍රි තේ කර්මාන්ත ශාලාවේ වැඩ අවසන් වි සැමියා නිවසට නොපැමිණි නිසා ඔහුගේ බිරිඳ විසින් තේ කර්මාන්ත ශාලාවට දුරකථන ඇමතුමක් ලබා දි තිබෙනවා.

එහිදී තේ කර්මාන්ත ශාලවෙන් පවසා ඇත්තේ එම නිළධාරියා සේවා මුරය අවසන් වි නිවස බලා පිටත්ව ගිය බවයි.

කෙසේ නමුත් මේ නිලධාරියා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිද වතුකම්කරුවන් සමඟ එක්ව තේ කර්මාන්ත ශාලාව ආශ්‍රිත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එහිදීයී මියගිය පුද්ගලයාගේ සිරුර හමුවි ඇත්තේ.

ඔහුගේ හිසට තියුණු ආයුධවලින් පහරදි ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්‍ෂණය අද (07) සිදු කෙරෙන අතර ඉන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නුවරඑළිය අධීකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!