Gossip News

දිස්ත‍්‍රික්ක හයකට ඇඳිරිනීතිය තව සති තුනක්

කොරෝනා වෛරස ආසාදන රෝගය පැතිරයාමේ වැඩි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර,මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත‍්‍රික්ක හය සඳහා දැනට අඛණ්ඩව පනවා ඇති ඇඳිරිනීතිය තව සති තුනක පමණ කාලයක් ක‍්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම ප‍්‍රදේශවලට දැනට අඛණ්ඩව පනවා ඇති ඇඳිරිනීතිය නිසා රෝගය වේගයෙන් පැතිරයාම වලක්වාගතහැකිවූ බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇඳිරිනීතිය පැනවීමේ කාලසීමාව අඩු කරගැනීමේ හැකියාව ඇත්තේ ජනතාව සතුව බවත් සඳහන් කළේය.

සියලූදෙනා වගකීමෙන් යුතුව කටයුතු කරමින් සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් හැසිරුනහොත් රෝගය පැතිරයාම පාලනය කරගතහැකි බවත් එවිට ඇඳිරිනීතිය ඉතා ඉක්මනින් අවසන් කරගතහැකි බවත් එසේ නොවුනහොත් රෝගය පැතිරයාම පාලනය සඳහා මෙලෙස ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට සිදුවන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!