Gossip

දිගු නින්දක සිටිය බවට පැවසුණු කෝණාගම බුදුන් සමයේ සිටි රාවණා නැවතත් අවදි වෙයි

රාවණා ගැන කතාබහ පසුගිය කාලේ පුරාම නිතර නිතර අහන්න ලැබුණා.
ඉතිං කළින් කලට අවදිවන රාවණාගේ ඉතිහාසය ගැන කියවෙන සටහනක් ඔබ වෙත ගෙන එන්න වෙබ් ගොසිප් අපි හිතුවා.
රාවණා රජතුමාගේ යටත් විජිත,ඇමෙරිකානු මහද්වීපයේ රටවල් කිහිපයකද ඇත.
රාවණ පිටසක්වළ තරණය කිරීම,ග්‍රහලෝකවල ප්‍රභූන් බලයෙන් යටපත් කරගෙන සිරි ලක්දිවට ගෙන ඒම සත්‍යයක් ලෙස තවමත් ඇමෙරිකානු විශේෂඥයන් විස්වාස කරන බව ඇමෙරිකාවේ විද්‍යාඥයකු ලෙස සේවය කළ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා පවසා ඇත.
1981 වසරේ සර්වෝදය මූලස්ථානයේදී හමුවූ විට මහාචාර්ය පොන්නම්පෙරුම තමාට එසේ පැවසු බව අචාර්ය මිරැන්ඩෝ ඔඹේසේකර පවසයි.
මානව ප්‍රාග් ඓතිහාසික සමාජ තත්වය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය ආරම්භ වූයේ 19 වැනි සියවස අග භාගයේදීය.(පිටු.15 සමාජ විද්‍යා න්‍යාය) රාවණ රජතුමා,යක්ෂ,දේව,නාග ගෝත්‍ර ආදී විෂයයන් උසස් අධ්‍යාපන ගුරු කුලවලට සම්ප්‍රාප්ත වුණේ එම කාලයේය.
නමුත් පුරාණ අතීතය පිළිබඳ පොත්පත් රචනා කිරීමද අනාදිමත් කාළයක සිට පැවතුණි.
වාල්මිකී සෘෂිවරයා හොර්මර්ටත් වඩා ඉහලින් සමාජයේ කැපී පෙනෙන්නේ එබැවිණි.මහා භාරත කුරු-පාණ්ඩව යුද්ධය,ස්කන්ධ පුරාණය ආදී ග්‍රන්ථවලින්ද කියැවෙන්නේ එම ප්‍රදේශවල ඉපැරණි යුධ තොරතුරු හා සමාජ තොරතුරු මිස නිර්මාණ නොවේ.
ලෝකයේ සෑම රටකම ප්‍රථමයෙන් කියවීමට ලැබුණේ අසන්නට ලැබුණේ රාවණයේ නම මිස රාමගේ නම නොවේ.
ඇමරිකානු මහද්වීපයටත් රාමගේ නම ඇතුල්වීමට පෙර රාවණාගේ නම ඇතුළු වූ අතර රාම-රාවණ සටනෙන් රාවණ පරාජය වූ පසු රාමගේ නම ආදේශ වී ඇත.
ක්‍රි.ව.1864දී එඩ්වඩ් බර්නට් ටයිලර් (1832-1917)Mexico and Mexicans,Ancient and Modern නමින් ඉතා සාරවත් ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයක් ලියා පළ කළේය.
සුදු කළු භේදයෙන් තොරව ඉතා අවංක ලෙස එම ජන සමාජය පිළිබඳ සත්‍ය වාර්තා කළ ග්‍රන්ථය එය බව නිහතමානීව ප්‍රකාශ කළ හැකිය.
ඇමෙරිකාවේ මුලින්ම ධූම පානය කළෝ රතු ඉන්දියානුවෝය.
පසුව යුරෝපා ජාතිකයෝ ඇමෙරිකාව යටත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් දුම්බීමට ඇබ්බැහි වූහ.
පසු කළෙක මොස්තරයකු වූ ධූම පානය මුළු මහත් යුරෝපයේ පමණක් නොව සියළුම ඉංග්‍රීසී හා ප්‍රංස යටත් විජිතවල ජනප්‍රිය වුණි.
මායා ශිෂ්ඨාචාරය නමැති අති පැරැණි ශිෂ්ඨාචාරයේ පියා ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වාසය කළ මායා දානව නමැති අසුරයාය.
ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකි.සීගිරියේද නිර්මාණ ශිල්පියා මයදානවය.ඔහු රාවණගේ මාමාණ්ඩියවේ.(ප්‍රාග් ඓතිහාසික උරුමය – පිටුව 52) රාම-රාවණ මහා සංග්‍රාමය සිදුවූ නිවැරදි දින කාල වකවානු විවධ ගත්කතුවරුන් දක්වා ඇති අන්දමට පරස්පර විරෝධී වී තිබෙන්නේ එම සිද්ධි අවුරුදු දහස් ගණනක් ඉක්මවා ඇති බැවිනි.
මහා භාරතයේ ආර්ය ජාතීන් කොටස් දෙකකට බෙදී සිදුකළ මහා සංග්‍රාමයක් ගැන සෘග්වේදයේ සඳහන්වේ.ආර්යය ගෝත්‍රිකයන් තවත් ආර්යය පිරිසක් සමඟ වූ මෙම කා කොටා ගැනීම් ‘දශරාජ යුද්ධය’ ලෙස හැඳින්වූ බවත්,එහි එක් පිලකට රජවරුන් දස දෙනෙකු සිටි බවත් සඳහන්ය.
(පුරාණ සංස්කෘතිය – පිටු 86-88)
පසු කළෙක ආර්යයන් විසින් ‘ස්‍යයුස්’නමැති අනාර්ය කොටසක් ලෙස ගර්භාවට ලක් කරනු ලැබූ දකුණු ඉන්දියානු මෙම ජන කොටස රාම-රාවණා සංග්‍රාමයේදී රාවණාගේ පාර්ශවය ගත් පිරිස යැයි හේල්ස් සඳහන් කරයි.Ancient-Mexico p-72,රට රාජ්‍ය දහයකට අධිපති වූ රාවණ රජතුමන් රාම කුමරුට එරෙහිව කළ යුද්ධය ‘දශ රාඥ යුධ’ ලෙස සෘග්වේදයේ සඳහන්වේ.රාවණ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ කෝණාගම බුදුන්ගේ යුගයේදී බව නිසැකය.
මෙක්සිකෝ,පීරු,හොන්ඩුරාස්,බ්‍රසීල් ආදී පුරාණ රටවල දේවස්ථාන රැසක ගෘහ නිර්මාණ ශිල්පය ඉන්දු ලංකා ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන බව කුමන විචාතයෙකුට වූවද අවිවාදයෙන් පිළිගත හැක්කකි.
ඥාතීත්වය පිළිබඳ මූලික වශයෙන් ලුවී හෙන්රි මොර්ගන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් ලබා ගැනීම සඳහා තෝරා ගනු ලැබුවේ තම රටේම ජීවත් වූ ගෝත්‍රික ජන කොටසක් වන රතු ඉන්දියානු සමාජයයි.ඔහු මේ සඳහා තෝරා ගන්නේ ‘ඉරෙකුඔයිස්’ (Iroquois) ගොත්‍රයයි.මෙම ගොත්‍රය සූර්යයාට වැඳුම් පිදුම් කළ පුරාණ ඉන්දීය සම්භවයක් ඇති පිරිසකි.
Red Indians යනු ශ්‍රී ලාංකිකයෝය.රතු මැණික් බහුල වූ ශ්‍රී ලංකාවට රතු දිවයින යැයි පවසා ඇත.
Julian H.Steward නමැති මානව විද්‍යාඥයා බර්ක් ලේ විශ්වවිද්‍යාලයේ මානව වංස පර්යේෂණ සඳහා තෝරාගන් ලැබූවේ ඇමෙරිකාවේ කොළොම්බියා ඟග සහ ඕවනිස් නිම්නය ආශ්‍රීතව ජීවත් වූ ඇමෙරිකානු ඉන්දියානු ගොත්‍රික සමාජයයි.1929 දී ඔහු කැලිෆොනියා,‍නෙවාඩා,ඌටා,යූටා සහ ඇරිසෝනා ප්‍රාන්තවල පර්යේෂණ ඇරම්භ කළේය.මෙම දැවැන්ත පර්යේෂණයේදී ඔහු රතු ඉන්දියානු ජනතාවගේ වංස,ගෝත්‍ර,පිළිබඳ පුළුල් අධ්‍යනයක් කර ඇත.
රාවණ යුගය යනු එකල පැවති මහා ශිෂ්ඨාචාරයකි.රන් භාණ්ඩ,මැණික්,මුතු,රිදී භාණ්ඩ,ලෝකඩ,යකඩ පමණක් නොව පස්ලෝ භාණ්ඩද රාවණ යුගයේ ජනතාව භාවිත කළ බව තුල්සිදාස් රාමායණයේ වර්ණනා කර ඇත.
එමෙන්ම ගුවන් යානා,නාගශර,අග්නිශර ආදී මිසයිල් වර්ග මෙන්ම නැව් විනාශ කරන සබ්මැරීන සහ ටෝපීඩෝ වැනි යුද උපකරණද නිශ්පාදන කිරීමද,සූර්ය බල ශක්තියෙන් වැඩ ගැනීමද රාවණ යුගයේ ක්‍රියාත්මක තත්වයෙන් පැවැතිණ.රාවණ සංස්කෘතිය මෙන්ම රාවණ ශිෂ්ඨාචාරයද මුළු මහත් දක්ෂිණ ඉන්දියාවේ මෙන්ම ලංකාවේද පැවැති බවට මානව විද්‍යාඥ සාධක අපමණ ඇත.
කෙසේ වුවද රාම-රාවණ මහා සංග්‍රාමයෙන් පසු රාවණ ශිෂ්ඨාචාරය බිඳ වැටිණ.පසුව ඒ වෙනුවට රාම ශිෂ්ඨාචාරය ආදේශ කළ නමුත් රාවණ ශිෂ්ඨාචාරයේ විවිධ අංශ අද දක්වා ශ්‍රී ලංකා සංස්කෘතියට මෙන්ම දකුණු ඉන්දීය සංස්කෘතියටද ඇමෙරිකා මහද්වීපයේ බොහෝ රටවල ආදිවාසී උරුමයක් ඇති ජාතීන්ටද බලපා ඇති බව මානව විද්‍යා පර්යේෂණ අනූව කිව හැකිය.රාවණ සංස්කෘතියෙන් මෙතෙක් අප අතර රැඳී ඇති සංස්කෘතිකාංග කිහිපයක් නම්
ආහාරපාන වර්ණවත් කිරීම.
ඝොෂාකාරී බෙර ,දවුල්,තම්මැට්ටම් වාදනය,ඝොෂාකාරී වේග රිද්ම,නැටුම් වර්ග,ගිනි පෑගීම.,මස් මාංෂ පුළුස්සා,බැද අනුබව කිරීම.,ලී ඳඬුවලින් සෑදූ තට්ටු ගෙවල්.,ගුවන් යානා ශිල්පය.,වාරිමාර්ග,වැව් උමං සහ විදුලිය.,ඉන්ද්‍ර,වරුණ ආදී දෙව් දේවතාවුන් පිදීම.,පච්ච කෙටීම (Tatoo).,ස්වස්තික ලාංඡනය පැළඳීම,උඩු රැවුල වැවීම.
මෙම සංස්කෘතිකාංග ශ්‍රී ලංකාව ඇතුළු ලොකයේ බොහෝ රටවල ජනතාව අනුගමනය කරන නමුත් ඒවා නිෂ්පාදනය වූයේ රාවණ සංස්කෘතිය යටතේ බව තීක්ෂණව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙයි.
රාවණ ශිෂ්ඨාචාරය යනු පෘථිවියේ ඉතාමත් දියුණු කාල වකවානුවකි.ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට ඇරඹී ඉතාමත් සෞභාග්‍යමත් සංස්කෘතියකි,ශීෂ්ඨාචාරයකි.එම ශිෂ්ඨාචාරය විනාශ වූයේ තවත් ආර්යයන් පිරිසක් වූ රාමගේ බලපෑමෙනි.
මෙම ඉපැරණි රාවණ ශිෂ්ඨාචාරය මත රාමගේ සංස්කෘතිය බලෙන් පටවා ඇතැයි කීම වරදක් නොවේ.දොළෝ වසක් පැවැති මහා යුද්ධයෙන් රාම ජය ගන්නේ යුද්ධ නීතිය කෙළෙසමිනි.ඒ බව කම්බන් රාමායණයේත් ,තුල්සිදාස් රාමායණයේත් පැහැදැලිව සඳහන් වෙයි.
අළු යට ගිනි පුපුරු මෙන් සැඟවී ඇති රාවණ සංස්කෘතිය යම් දිනෙක ඉතා සිත් ඇද ගන්නා ආකර්ෂණීය ශ්‍රී ලංකාවේ,දකුණු ඉන්දියාවේ පමණක් නොව ඇමෙරිකා මහද්වීපයේත්,ඉරාන සහ ඉරාකයේත් පැතිරෙනු නොඅනුමානය.රාවණ රජු මිය නොගිය බවට මහ බ්‍රහ්මයාගෙන් වරලත් එකම මිනිසාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!