Gossip

දශක ගණනාවක් රසික හදවත් මියුරු හඬින් වසඟයට ගත් ජනප්‍රිය ගායන ශිල්පී උපාලි කන්නන්ගර අවසන් ගමන් යයි

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට උපාලි කන්නන්ගර මහතා 67 වන වියේ පසුවුණා.
ඔහු සංගීත ලෝකයට අවතීර්ණ වන්නේ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙසයි.
ශ්‍රී ලාංකික රසික හදවත් තුළ සදා මතකයේ රැඳෙන ගීත රැසක් ගායනා කළ ඔහු දශක ගණනාවක් තිස්සේම ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙකු වුණා.
පාරට කිට්ටුව, ගෙලේ රන් මාල දා හැඩ වී, දුම්බර මිටියාවත පැත්තේ, ඉවසිල්ලක් නෑ දකින තුරා ආදී ගීත රැසක් ඔහු රසිකයින්ට දායාද කළේ ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!