Gossip

දරුවන් දෙදෙනෙකුට ඇස්වලින්, කන්වලින් සහ කටින් ලේ ගලන අමුතු රෝගයක්

තිස්සමහාරාම මාගම ප්‍ර දේශයේ පදිංචි අසරණ පවුලකදරු දෙදෙනෙකු හඳුනා නොගත් රෝගයකින් පෙළීම හේතුවෙන් දෙමාපියන් දැඩි අසරණ තත්වයකට පත්ව සිටිනවා.

වයස අවුරුදු 12ක් වන ගැහැණු දරුවෙකු හා වයස අවුරුදු 03ක පිරිමි දරුවෙකු මෙම හඳුනා නොගත් රෝගයට ගොදුරු වී තිබෙනවා. මෙම දරුවන් දෙදෙනාගේ ඇස්වලින්, කන්වලින්, කටින් සහ නාභියෙන් නිතර නිතර ලේ ගැලීම මෙම හඳුනානොගත් රෝගයයි. මේ රෝගයෙන් මේවනවිට අසරණව සිටින්නේ වයස අවුරුදු 03ක් වන පී.ජී. සරත් සුමියුරු හා වයස අවුරුදු 12ක් වන පී.ජී. දෙවුමිණී නේත්‍රාංජලී නැමැති දරුවන් දෙදෙනායි.

මේ සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ දරු දෙදෙනාගේ මව වන 34 හැවිරිදි ගීතිකා චතුරංගනී මහත්මිය මෙසේ පැවසුවාය.

මගේ දරුවෝ දෙන්නම දැනට වසරක පමණ කාලයක සිට හඳුනා නොගත් රෝගයකින් පෙළෙනවා. දරුවෝ දෙන්නගේම ඇස්වලින්, කන්වලින්, නහයෙන් නිතරම ලේ ගලනවා. දැන් මේ ලෙඩේ හැදිලා අවුරුද්දක් වනවා. තවම මොකක් නිසා වෙනවාද කියලා හොයාගන්න බැරි වුණා. හම්බන්තොට මහ රෝහලට, ගාල්ල කරාපිටිය රෝහලට වගේම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් දරුවා රැගෙන ගියා. ඒ එක්ක ගියත් වෛද්‍යවරු කියන්නේ මේ ළමයින්ට ලෙඩක් නම් නැතිලු. මේ මානසික රෝගයක් නිසා වෙන දෙයක් වෙන්න ඇතිලු. එහෙම නැත්නම් මේ ළමයා විසින්ම ඇහැට නාහෙට ඇඟිල්ලෙන් ඇණගෙන ලේ එනවා ඇති කියලායි දොස්තර මහත්වරු කියන්නේ. නමුත් අපිට පේනවා මොකද්ද වෙන්නේ කියලා. හිටි ගමන් දුව මීට වසර 03කට පෙර මියගිය මහත්තයාගේ අයියා ඇවිත් කතා කරනවා කියාගෙන සිහි නැතිව ලේ දමාගෙනත් ඇද වැටෙනවා. කරන්න තියෙන හැම වෛද්‍ය පරීක්ෂණයක්ම කළා. නමුත් වැඩක් වුනේ නෑ. අද වෙනකොට අපි හිඟමනට වැටිලයි තියෙන්නේ. මගේ මහත්තයාටත් හරි හමන් රැකියාවක් නෑ. දිනපතා කුලී වැඩ කරලා ලැබෙන මුදලින් තමයි මේ දරුවන් දෙන්නට බෙහෙත් කරන්නේ. අපි දෙන්නා දවසක් ඇර දවසක් කාලයි ජීවත් වෙන්නේ.

පොඩි පුතාට අවුරුදු 03 යි දැන්. එයාට නම් එක සැරේටම ලේ එන එක නතර වුණා. නමුත් දුවගේ ලේ එන එක නතර වුණේ නෑ. මේ හේතුව නිසා දුවට පාසල් ගමන පවා මේ වන විට නතර කර දමන්න වෙලා තියෙන්නේ. මැරෙන්න බැරිකමටයි අපි දැන් ජීවත් වෙන්නේ. කවුරුහරි කමක්නෑ අපිට මේ දරුවා සුව කරගන්න උදව්වක් කරනවා නම් ඒක ලොකු පිංකමක් යැයි ඇය පවසා තිබෙනවා.

පී.ජී. දෙවුමිණී නේත්‍රාංජලී දියණිය මෙසේ පවසා තිබෙනවා.

දැන් අවුරුද්දක් තිස්සේ මම මේ රෝගයෙන් දුක් විඳිනවා. මල්ලිටත් මේ රෝගය හැදිලා තිබුණා. නමුත් දැන් මල්ලිට නම් ටිකක් හොඳයි. නමුත් මට තවම සුවයක් නෑ. මේ නිසා පාසල් ගමනත් නවත්තන්න සිදු වුණා. මම ගොඩක් ආසාවෙන් හිටියේ ඉස්කෝලේ ගිහින් නීතීඥවරියක් වෙන්න. නමුත් මට තියෙන මේ ලෙඩෙත් එක්ක ඒ සිහිනයත් බොඳ වෙලා යාවි කියලායි මට හිතෙන්නේ. කවුරු හරි කමක් නෑ නැන්දා කෙනෙක් හරි මාමා කෙනෙක් හරි ඉන්නවා නම් මට මේ ලෙඩේ සුවකරගන්න උදව් කරන්න කියලායි මං ඉල්ලන්නේ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!