Gossip

දකුණේ 1800 ක් නිරෝධායනයට

පී. සී. ආර්. පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල් 10,000කට ආසන්න සංඛාවක් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ මැදිහත්වීමෙන් පසුගිය කාලය තුළ ලබාගෙන
ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසනවා.

ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත‍්‍රික්වල පදිංචි අවදානම් ප‍්‍රජාව, පළමු හා දෙවැනිපෙළ ආශ‍්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයන්ගෙන් මෙකී සාම්පල් පී. සී. ආර්. පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. මේ වනවිට දකුණු පළාත තුළ පුද්ගලයන් 1800 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!