Gossip

“එකම එක පාරක් ආයෙත් කියනවද ආදරෙයි කියලා.. සත පහක් එපා මට” හෝටල් කාමරයක අහම්බෙන් හමුවූ පැරණි පෙම්වතියගේ කතාව

ආදරය… මේක වචනයක් විතරක් කරගත්ත මිනිස්සු ජීවිතේ හරි ඉක්මනට වරද්ද ගන්නවා. අද ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියලවත් ගොඩක් දෙනෙක් දන්නේ නැති තරම්.

ඒ වගේම තමයි ආදරෙන් අන්ද වෙන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවානේ. ආදරෙයි කියලා බොරුවට පොරොන්දු දීලා ඒ අන්ද ආදරේට රැවටිලා ජීවිතේම අමාරුවේ දාගත්ත පිරිස් ගැන අද සමාජයේ කොච්චරනම් අහන්න දකින්න ලැබෙනවාද? ඒවගේම එහෙම ජීවිතයක් අමාරුවේ දාන්න ලේසියි.. ඒත් ඒ ජීවිතේට නැවත අලුත් පණක් දෙන්න කවදාවත් කාටවත්ම බැරිවෙයි.

අපි එකිනෙකාට කරන රැකියාවන් වෙනස්නේ. සමහර අය ඉතාමත් කැමැත්තෙන් තම රැකියාවේ නියැලෙන අතර තවත් සමහර අය කරන්න වෙන දෙයක් නැතිකමට ජීවිතේ එදාවේල හොයාගන්න ඕනවට රැකියාවන් කරනවා. මේ හැමදේම කරන්නේ තමන්ගේ ජීවිතේ ගෙනියන්නනේ.

සමහරවිට මේ හැම කතාවක් පිටිපස්සෙම ඉතා දුක්බර කතාවක් තියෙන්න පුළුවන්. හැබැයි ලෝකෙට කියන්න පුළුවන් කතා තියෙන්නේ අතලොස්සක්.

මේ ලෝකෙට කියන්න බැරි ඒවගේ කතාවක් ගැන අපි දැකපු ෆේස්බුක් සටහනක්. තමන්ගේ ජීවිතේ අඳුරු වූ තැන් කියාපාන තරුණියකගේ දුක්බර කතාවක්. ආදරේ නිසා ජීවිත කාලෙම දුක් විඳින්නට වූ තරුණියක්. මේ ඇගේ කතාවයි.

හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම..
කෙස් ගහක් දෙකක් පැහුන ට
පරණ පෙම් පාටමයි ඇස්වල..
උඩු රැවුලකුත් වවල ඇත්තට
මතකයි ඉස්කෝල කාලෙ
තිබ්බ ආසව ඕකට…
කියන්නකො ඉතින් කොහොම ද
නෝනට එහෙම??????
ඇයි ඉතින් කඳුලු ඇස් වල…
ඔයා රට යනකොට
බඩට මාස දෙකයි යන්තමට..
අම්ම ට අහු වුණා
කනකොට අන්නාසි ගැට..
ඊට පස්සෙ මම හිටියෙ
ලොකු අම්මලගෙ ගෙදර..
හම්බ වෙනකොට ම නැති උණා
ඔයාගෙ ලේ උරුමෙ මට..
සමාව දෙන්න රත්තරන්
මොනා කරන්න ද මම..
ඊටත් පස්සෙ ,
කාලයක් උන්න අංගොඩ..
අම්මවත් ආවෙ නෑ බලන්න…
එහෙන් පැනල යනකොටයි
හම්බ උනේ “මැඩම්”ව මට…
සලකපු තාලෙට හිතුනෙ ම නෑ
නපුරක් මට….
නාඳුනන මිනිහෙක් අතින්
දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට
යන්තම් විසි දෙකයි මට…..
නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද
මගෙ ම කරුමෙ ට….
ගෙදර ගියෙ නෑ ඉතිං
ආයෙත් මම….
අම්මෝ!!!!!අවුරුදු විස්සකට කිට්ටුයි
මේ වෙනකොට…..
බිස්නසුත් නෑ දැන්නම් මට,
ඉඳල හිටල එන කස්ටමර් කෙනෙක් අරුනම….
වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර..
ඒත්,
හීනෙකින් වත් හිතුවෙ නෑ
ජීවිතෙ හම්බ වෙයි කියල
හොටෙල් කාමරයක් ඇතුලෙ
ආයෙමත් මට……
අනේ රත්තරන් ,
ඔළුව උස්සල බලනව ද
ඉස්සර වගේ ලස්සන නැද්ද මම…
එකම එක පාරක් අයෙත් කියනවද
ආදරෙයි කියලා..
සත පහක් එපා මට ……..

(අන්තර්ජාලයෙන්)

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!