Gossip

තුන්කොන් සටනේ ජය ශ්‍රී ලංකාවට..? – මැච් එකට කළින්ම එළියට ආපු ප්‍රතිඵලය මෙන්න

ලක්ෂ ගණනක් ජයග්‍රහණයේ බලාපොරොත්තු රඳවාගෙන සිටින තුන්කොන් සටනේ තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.
පසුගියදා පැවැත්වුණු තරගයෙන් සුපිරි ජයක් ලබාගෙන අවසන් මහා තරගයට සටන් වදින ශ්‍රී ලංකාව මේ දක්වා බංග්ලාදේශය සමඟ තරග 43 කට සහභාගී වී තිබෙනවා.
මෙම තරගවලින් 43 ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර බංග්ලාදේශය ජයගෙන තිබෙන්නේ තරග 6 ක් පමණයි.
මේ නිසා ශ්‍රී ලංකාව ජයගැනීමේ ප්‍රතිශතය ඉහළයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයකදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය 357 ක්.
බංග්ලාදේශය ලකුණු 324 ක්.
ලකුණු ලබාගැනීමේදී උපුල් තරංග බංග්ලාදේශයට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස ඉදිරියෙන් සිටිනවා.
ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ තමීම් ඉක්බාල්. ඒ ලකුණු 640 ක්.
පන්දු යැවීමේදී මොටාසා ලංකාවේ කඩුලු 23 ක් ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු 16 ක් ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මේ සියලු තොරතුරු දෙස බැලීමේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!