හොලිවුඩ්

තාත්තාට විරුද්ධව දුව නීති මඟට

හොලිවුඩයේ සුරූපී රංගන ශිල්පිණියක් වෙන ලින්ඩ්සේ ලොහාන්ගේ තාත්තා මයිකල්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න තීරණය කරලා. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න ලින්ඩ්සේට අවවාද දෙන්න ගිහින්.

ගිය සිකුරාදා මේ විදිහට අවවාද දෙන්න ගිහින් මයිකල්ගෙන් තමන්ට ආරක්ෂාව ඕන කියලා ලින්ඩ්සේ තහනම් නියෝගයක් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. අවුරුදු 26 ක් වෙන ලින්ඩ්සේ කියනවා එයාට ඕන කරලා තියෙන්නේ තාත්තා එයාගේ ජීවිතේට ඇඟිලි ගහන එක නවත්තන්නලු.

ඒ හින්දා ලින්ඩ්සේ ලබන සතියේ දිහාට නීතීඥවරයෙක් හම්බවෙන්න යන්න තීරණය කරලා තියෙනවා. ඒකට පූර්ණ සහයෝගය අම්මා ඩිනාගෙන්ලු. ලින්ඩ්සේ එයාගේ තාත්තා මයිකල් එක්ක තියෙන සම්බන්ධකම් නවත්තලා තියෙන්නේ ලින්ඩ්සේ එයාගේ අම්මා ඩිනා එක්ක දුරකතනයෙන් රණ්ඩුවෙන සංවාදයක් පටිගත කරලා ප්‍රසිද්ධ කරපු දවසේ ඉඳලයි.

තාත්තලා දුවලා කියන්නේ එක දම්වැලේ පුරුක්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් හරී කියලා අනුමත කරන්න පුළුවන් කමකුත් නෑ. අනිත් එක දීලා තියෙන අවවාදය නරක දෙයකුත් නෙමෙයි. ඒත් ඉතින් දැන් දැන් ලෝකය වගේම ඉන්න මිනිස්සුත් වෙනස්නේ. ඒ හින්දා වෙන්න ඇති මේ වගේ දේවල් වෙන්නෙත්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!