මතුගම-වැලිපැන්න පොලිස්බල ප්‍රදේශයේ තිබී මිලිමීටර 5.0 වර්ගයේ ගුවන්යානා නාශක පතුරොම් 05ක් සමඟ ඩෙටනේටරයක් සොයාගෙන තිබෙනවා.
අද(29) උදැසන වැලිපැන්න පොලීසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත වැලිපැන්න පොලිසියේ නිලධාරින් එම සැක සහිත ඇසුරුම පරික්ෂා කිරීමේදි මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.
මතුගම-වැලිපැන්න නගර මධ්‍ය ඇති මුස්ලිම් පාරේ තිබු කසල ගොඩක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැලිපැන්න පොලීසිය විසින් සිදු කරයි.