Gossip

තවත් අවි ගබඩාවක පිපිරීමක්

නැගෙනහිර යුක්‍රේනයේ ආයුධ ගබඩාවක් තුළ පිපිරුම් මාලාවක් සිදු වීමත් සමග ඒ අවට ප්‍රදේශයේ වෙසෙන විසි දහසකට ආසන්න පිරිසක් ඉවත් කෙරුණා.

ආයුධ ගබඩාවේ හට ගත් පිපිරුම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි බලධාරීන් පවසා ඇත්තේ.

කර්කිෆ් නගරය ආසන්නයේ ඇති බලාක්ලියා කඳවුර පිහිටා තිබෙන්නේ රුසියාවේ සහාය ලබන බෙදුම්වාදී කණ්ඩායම්වලට එරෙහිව සටන් පවතින ප්‍රදේශයේ සිට කිලෝමීටර සියයක් පමණ දුරකින්.

මිසයිල සහ කාලතුවක්කු ඇතුළු පතරොම් ටොන් දහස් ගණනක් ගබඩා කර තැබීම සඳහා අදාළ භූමිය යොදා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මුදවා ගැනීමේ කණ්ඩායම්වල අධීක්ෂණය යටතේ නගරයේ සහ ඒ අවට වෙසෙන ජනතාව ඉවත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වුණා.

හෙක්ටයාර 350 කට අධික භූමි ප්‍රදේශයක් ගබඩා සංකීර්ණයට අයත් බවත් ඒ ආසන්නයේ පිහිටි ගැටුම් පවතින ලුහන්ස්ක් සහ දනේස්ක් ප්‍රදේශ තුළ යොදවා සිටින හමුදා කණ්ඩායම් වෙත ආයුධ සපයනු ලබන්නේ ද අනතුර සිදු වූ ගබඩාව මගින් බවත් විදෙස් පුවත් වාර්තා කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!