Gossip

තරුණයන්ගේ හදවත් සොරාගෙන සමාජජාල මාධ්‍යයන් කළඹපු ප්‍රියා

මේ දවස්වල සමාජජාල මාධ්‍යයන් වල තරුණියක් ගැන දැඩි ලෙස කතාබහට ලක්වෙලා තියෙනවා.

තරුණයන්ගේ සිත් සොරාගත් මේ තරුණිය කවුද කියලා දැන් හැමෝම හොයන්න අරන් තියෙනවා.

ඉතින් අපි හිතුවා මේ තරුණිය කවුද කියලා කියන්න.

මේ තරුණියගේ නම තමයි Priya prakash warrier කියලා කියන්නේ.

සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වන මේ ඡායාරූප සහ වීඩියෝ ඇය රංගනයෙන් දායක වන මලයාලම් චිත්‍රපටයක සිදුවීමකින් කොටසක්.

ප්‍රියා වෘත්තීමය වශයෙන් මෝස්තර නිරූපණ ශිල්පිණියක් වුනත් දකුණු ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයට නම් ඇය තාම ආධුනිකයි. ප්‍රියා ජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ Punkunnam නම් වූ ප්‍රදේශයේයි. ඒ වගේම තමයි ඇය මලයාලි කාන්තාවක්. ඇය ඉපදී ඇත්තේ ඉන්දියාවේ කේරළයේයි. මලයාලම් සහ ඉංග්‍රීසි ඇයගේ භාෂාවන් වන අතර ඇය මේවන විට B.com උපාධිය හදාරනවා.

ඉතින් ප්‍රියා රංගනයෙන් දායක වන පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන Oru Adaar Love නමැති මෙම චිත්‍රපටය ලබන මාර්තු 03වනදා තිරගතවීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!