Gossip

තම තුරුළට වී සුරතල් බස් දෙඩූ පුංචි දියණියගේ නිවසට ජනපති යයි

පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිවරයාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටින ඡායාරූප හැමතැනම හුවමාරු වුණා.

ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි දියණිය දිනුල්‍යා චනාදි වූ අතර, සිය දෙමාපියන් සමඟ මැදිරිගිරිය, අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටිනවා.

ඊයේ (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිවරයා මෙම සුරතල් දියණියගේ නිවසට ද ගොඩවැදී ඇගේ සුවදුක් විමසා තිබෙනවා.

දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිවරයා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ දෙමව්පියන් සඳහන් කර තිබෙනවා.

පසුගියදා ජනාධිපතිවරයා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමඟ ජනාධිපතිවරයා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමඟ එම ස්ථානයට ගිය ද වේදිකාව අසළට යාමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ.

එහෙත් එකවර සෙනග අතරින් ජනාධිපතිවරයා වෙත දිව ආ දැරිය ආරක්ෂක නිලධාරින් විසින් නතර කිරීමට තැත් කළ ද, ජනාධිපතිතුමා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සළස්වා තිබෙනවා.

එම දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිවරයාගේ ඡායාරූප කිහිපයක් මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!