Gossip News

තංගල්ල නගරයේ කොරෝනා පැතිරීමේ අවධානමක්

කොවිඩ් අසාදිත යුධ හමුදා සාමාජිකයා නිසා තංගල්ල නගරයට වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් ගජධීර පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම හමුදා සාමාජිකයා පොදු ප්‍රවාහන ඔස්සේ තංගල්ල නගරයට පැමිණ ඇති බවයි.
එම නිසා නගරය තුළ වෛරසය  ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවත් මුඛ ආවරණ පැලදීම සහ දුරස්ථභාවය රැකගෙන දැඩි අවධානයෙන් ජනතාවට පසුවන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
ඔහු අඳහස් දක්වමින් මලෙස අදහස් පළකලා
“තංගල්ල ප්‍රදේශයේ කොවිඩ් අසාදිත යුධ හමුදා සාමාජිකයෙක් සොයාගෙන තියනවා. ඔහු 5 වනදා පොදු ප්‍රවාහන ඔස්සේ පැමිණ තංගල්ලට , පට්ටියපොළ ප්‍රදේශයේ තම නිවසේ දින 5ක් ගතකරලා තියනවා. මෙහිදී අප කියන්න කැමතී මොහුගෙන් කොවිඩ් නගරයට ව්‍යාප්ත වීමේ අවධානමක් තියනවා. ඒ නිසා අප නගර වාසීන්ගෙන් ඉල්ලන කැමතී මුඛ ආවරණ පැලදීම සහ දුරස්ථභාවය තියාගෙන දැඩි අවධානයෙන් පසුවෙන්න කියලා තංගල්ල ජනතාවගෙන් ඉල්ලන්න කැමතී”
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!