Gossip

ඩුබායිවලින් පිටුවහල් කළ කංජිපානී ඉම්රාන් ලංකාවේදී CID භාරයට

මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි අත්අඩංගුවේ සිට පිටුවවහල් කරනු ලැබූ මොහොමඩ් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබෙනවා..

ඔහු අද(28) උදෑසන ඩුබායි හි සිටි මෙරටට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පසුගියදා ඩුබායි හිදී සාදයක් අතරතුර පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

එලෙස අත්අඩංගුවේ සිටි නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ(27) දිනයේ ඩුබායි වලින් පිටුවහල් කෙරුණි.

නදීමාල් පෙරේරා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කිරීමට පියවර ගත් අතර බන්ධනාගාර නියාමකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඩුබායි පොලීසිය විසින් පිටුවහල් කෙරුණු කංජිපානී ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යාමට සූදානම්ව සිට ඇති බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළා.

කටුනායක ගුවන්තොටුපලේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු බාරයට පත් වූ කංජිපානී ඉම්රාන් රඳවා තබාගනිමින් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!