Gossip News

ඩස්ටි නිසා සැකකරු මාට්ටුවෙයි – විස්තරය මෙන්න

වන සතුන් දඩයම් කිරීම සඳහා එළවලු කොටුවකට ඇද තිබු විදුලි රැහනක පැටලී පුද්ගලයෙක් මරණයට පත්වෙලා තිබෙනවා.
මේ විදිහට මරණයට පත්වෙලා තියෙන්නේ හාලිඇල උඩකොහොවිල, රබර්වත්ත ලන්දේවෙල පදංචිව සිටි‍ වීරසිංහ උනන්ලාගේ දුෂ්‍යන්ත වීරසිංහ (30) නමැති එක්දරු පියෙක්. ත්‍රීවිලර් රියදුරෙකු වන ඔහු තම ගාලේ එළුවන්ට තණ කොල කැපීම සදහා ඉකුත් 13 වනදා සවස 4-30 ට පමණ නිවසින් පිටවි ගොස් තිබෙනවා.

ඒ සිද්ධිය සඟවන්න එළවලු කොටුවේ අයිතිකාරයා මළ සිරුර වෙන තැනකට ගෙන ගොස් දමා තිබෙනවා.
මෙම 65 හැවිරිදි සැකකරු‍ බදුල්ල පොලිසියේ ඩස්ටි නැමැති නිල සුනඛයාගේ සහායෙන් අත්අඩංගුවට ගැනීමට හාලිඇල පොලීසිය සමත් වී තිබෙනවා.සැකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී මළ සිරුර වෙනත් ස්ථානයකට ගෙනැවිත් දැමීම සඳහා උදව් කළ ඔහුගේ බෑණාවරු (දියණියන්ගේ සැමියන්) දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.
සැකකරුවන් තිදෙනාම බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රෙස්කර මහතාගේ මෙහෙයවීම යටතේ හාලිඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවට වාර්තා වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!