Gossip

ඩබ්ලෝ නගරයේ පිහිටි කතෝලික දේවස්ථානයකටත් ප්‍රහාරයක් – ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්වලට චෝදනාවක්

බටහිර අප්‍රිකාවට අයත් රටක් වන බර්කිනා ෆාසෝ රාජ්‍යයේ ඩබ්ලෝ නගරයේ පිහිටි කතෝලික දේවස්ථානයකට 20 දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් ඊයේ (12) ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

යාඥා කරමින් සිටි බැතිමතුන් වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති අතර අදාළ වෙඩි ප්‍රහාර එල්ල වීමත් සමග දේවස්ථානය තුළ සිටි පිරිස දිවගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ප්‍රහාරවලින් පුද්ගලයින් 06 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් ඒ අතර දේවමෙහෙය සිදු කරමින් සිටි පියතුමන් ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ප‍්‍රහාරයෙන් පසුව සන්නද්ධ ත‍්‍රස්තයින් පිරිස දේවස්ථානයට සහ නගරයේ පිහිටි ගොඩනැගිලි කිහිපයකටද ගිනි තබා තිබෙනවා

මෙම ප‍්‍රහාර සම්බන්ධයෙන් එරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් වෙතද චෝදනා එල්ල වී ඇති අතර පසුගිය සති 05 තුළදී බර්කිනා ෆාසෝ රාජ්‍යයේ පිහිටි කතෝලික දේවස්ථාන 03ක් ඉලක්ක කර මෙලෙස ප‍්‍රහාර එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය හමුවේ පාසල්වල ආරක්ෂාව තර කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!