Gossip

ටෙලි නිළිය වසරක් සිර ගෙට – හෙරොයින්වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ පෙම්වතා නිසාලු?

උඩුනුවර, වෙලම්බොඩ පොලිසිය මඟින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහය නිළියකට රුපියල් දස දහසක දඩයක් හා වසරක සිරදඬුවමක් නියම කොට එය වසර 20කට අත්හිටුවා තිබෙනවා.

ඒ ගම්පොළ මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා විසින්.

මෙම සහාය නිළිය සමඟ ටෙලිනාට්‍ය හා චිත්‍රපට පසුතල නිර්මාණකරුවකු ද මත් කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කොට තිබෙනවා.

උඩුනුවර, ගම්හත, බඹරදෙණිය ප්‍රදේශයේදී පොලිසිය මඟින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා සමඟ තවත් කිහිපදෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදුකළ පරීක්ෂාවේදී මෙම දෙදෙනා ළඟ හෙරොයින් තිබී හසුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඉතා ළාබාල වයසේ පසුවන මෙම සහාය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් පානයට ඇබ්බැහි වූ බව පවසා ඇති අතර ඇය මාස 6ක් පුරා මෙසේ හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වී ඇති බවද පවසා තිබෙනවා.

ලොකේෂන් බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙනවිත් තමාට ලබාදෙන බවද ඇය පොලිසියට පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!