Gossip

”ජීවිතය ඉල්ලමින් ඔහු අඬ අඬා විදුලි පුටුවට ගියේය. එහෙත් වෝල්ට් 2400 ක විදුලි සැරය මදි නිසා ධාරිතාවය 5200 දක්වා වැඩි කරා”

ඇමරිකාව තුළ අද කතා බහට ලක්ව ඇති කලූ ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මරණය ගැන කතා කරද්දී අනාදිමත් කාලයක පටන් ඔවුන් විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ඝාතනයන් ගැන කතා කරනවා නම් මේ සිදුවීම අමතක කළ නොහැක. මිනිපොලිස්හි අවන්හලක සේවය කළ ජෝර්ජ් ෆොලයිඞ් කළු ජාතිකයා හුස්ම සිර කිරීමෙන් මරණයට පත් කරනු ලැබුවේ සැකකටයුතු මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ පොලිසියේ ඇති අපරීක්ෂාකාරී සහ අත්තනෝමතික හැසිරීම් නිසා 2019 වසරේදී පමණක් පොලිස් වෙඩි පහරින් මරණයට පත් සංඛ්‍යාව 1014 ක් වේ. ඒ අතරින් වැඩි පිරිසක් කලූ ජාතිකයන් වීම අතිශයින් ශෝචනීය සිදු වීමකි.

ඇමරිකානු පොලිසියට වරදින්නේ කළු ජාතිකයන්ට පමණි

ටෙ‍්‍රවොන් මාර්ටින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් වූ අතර ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සැන්ෆර්ඞ් ප‍්‍රදේශයේදී ඔහු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ මෙම ප‍්‍රදේශයට ඇතුළු වීම වෙනුවෙන් සීමා පනවා තිබියදී ටෙ‍්‍රවොන් ඥාතීන් බැලීමට ගිය අවස්ථාවේදීය. ‘‘ජෝර්ජ් සිමර්සන් ’’ විසින් ටෙ‍්‍රවොන් වෙඩි තබා ඝාතනය කරන ලදී. 2013 වසරේදී ඇමරිකානු ජූරිය විසින් නිගමනය කළේ සිමර්සන් ඔහුගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් වෙඩි තබන්නට ඇති බවයි.

2014 වසරේ ජූලි 17 වැනි දින ‘‘එරික් ගානර් ’’ මරණයට පත් කරනු ලැබුවේ නීති විරෝධී දුම්වැටි අලෙවි කිරීමේ වරදටයි. ඔහුද ජෝර්ජ් ෆ්ලොයිඞ් මෙන් හුස්ම ගැනීමට නොදී මරණයට පත් කරන ලදී. මට හුස්ම ගන්න බැහැ.. ගානර් කඳුළු සලමින් කිව්වත් සුදු ජාතික පොලිස් නිලධාරීන් ඒ වගක් මායිම් කළේම නැත.

2014 වසරේ අගෝස්තු 9 වැනි දින ‘‘මයිකල් බ‍්‍රවුන් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ සදු ජාතික පොලිස් නිලධාරී ‘‘ඩැරන් විල්සන්’’ සමග වූ බහින් බස් වීමක ප‍්‍රතිඵලයක් ලෙසින්ය.

2015 වසරේ අපේ‍්‍රල් 12 වැනි දින ‘‘ෆ්‍රෙඞී ගේ‍්‍ර’’ ගේ සාක්කුවේ පිහියක් තිබුණ වරදට ඔහු අත්අඩංගුවට ගත් අතර කශේරුකාවට හානි වෙන පරිද්දෙන් දුන් තුවාල නිසා ඔහු මියගියේ මෙම සිදුවීමෙන් රෝහල්ගතව සිටියදීය. පසුව පැවැති නඩු විභාගයේදී සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගෙන් හයදෙනාගෙන් තිදෙනෙක් නිදොස් කොට නිදහස් කළ අතර සෙසු තිදෙනා අඩු වශයෙන් නඩු විභාගයට හෝ පැමිණියේ නැත.

2016 වසරේ ජූලි 6 වැනි දින ‘ෆිලෙන්ඩෝ කැස්ටයිල්’’ සහ ඔහුගේ පෙම්වතිය ගමන් කරමින් සිටි වාහනයට පොලිස් නිලධාරී ‘‘ජෙරනිමෝ යනෙස් ’’ විසින් වෙඩි තබන ලදී. කැස්ටයිල්ගේ පෙම්වතිය මෙම සිදුවීමේ සජීවි සිදුවීම සමාජ ජාල ඔස්සේ මුදා හරින ලදී.

2018 වසරේ ‘‘ඇම්බර් ගයිගර් ’’ විසින් සිදු කරන ලද ‘‘බෝතම් ජීන්’’ ඝාතනයට අපූරු අතුරු කතාවක් ගොතන්නට ඔවුන් සමත්ව ඇත. ‘‘ජීන් ’’ගේ නිවසට ඔහු ඇතුළු වූයේ තමාගේ නිවස යැයි සිතමින් වූ අතර එහිදී ජීන් දුටු විට හිතුනේ තමන්ගේ නිවසට සොරෙකු ඇතුළු වී ඇති බවයි. ඒ නිසා ආත්මාරක්ෂාව වෙනුවෙන් ජීන්ට වෙඩි තැබූ බැව් ඇම්බර් ගයිගර් සඳහන් කර තිබේ.

මේ සියල්ල අතරේ 20 වැනි සියවසේ ඉතාම ඛේදනීය කළු ජාතිකයාගේ මරණය ලෙසින් වාර්තා වෙන්නේ 1944 වසරේදී සිදු කරන ලද ජෝර්ජ් ස්ටීනි නමැති දහහතර හැවිරිදි කුඩා දරුවාගේ ඝාතනයයි. එය ඇමරිකානු ඉතිහාසයේ මරණීය දණ්ඩනයට පත් ළාබාලම පුද්ගලයා ලෙසින් වාර්තාගතව ඇත.

ඇමරිකානු ඉතිහාසයේ මරණීය දණ්ඩනයට පත් ළාබාලම පුද්ගලයා ජෝර්ජ් ස්ටීනි ජීවත් වූයේ දකුණු කැරොලොයිනා හි Alcolu ග‍්‍රාමයේය. මෙය කළු ජාතකයන් වාසය කළ ගම්මානයක් විය. දිනක් ජෝර්ජ් පාරේ බයිසිකල් පදිමින් සිටියදී කුඩා ගැහැණු දැරියන් දෙදෙනෙක් මල් නෙළමින් එන ඇසිල්ලේ ජොර්ජ් හමු වී තිබේ. ඔවුන් සුදු ජාතික දැරියන් විය. ‘ජුනි බිනිකර්’’ එකළොස් හැවිරිදි වියේ පසු වූ අතර ‘‘මේරි එමා තේම්ස්’’අට හැවිරිදි වියේ පසු වූහ.

මේ පාරේ මල් තිබෙනවාදැයි ඔවුන් ජෝර්ජ්ගෙන් විමසා සිටියහ. අන්න අර පාරේ දිගටම ගියාම මල් ගස් තිබෙනවා. ඔහුගෙන් ලත් පිළිතුරට සැහීමට පත් ගැහැනු දැරියන් දෙදෙනා එතැනින් නික්ම ගොස් තිබේ.

ජෝර්ජ් ස්ටීනිගේ සහෝදරයා මේ වෙන විට 84 වැනි වියේ පසු වේ. ඔහු කියන්නේ තමාගේ බාල සහෝදරයා කොහොමත් සමාජශීලී චරිතයක් වූ බවයි. ඔහු ඕනෑම අයෙකු සමග කතා කිරීමට මැලි වූයේ නැත.

එහෙත් අවාසනාවක මහත කොතෙක්ද යත් එදින දුම්රිය මාර්ගයකදී මේ සුදු ජාතික දැරියන් දෙදෙනාගේ මෘත සිරුරු හමු වී තිබේ. ඔවුන් අනතුරට පත් ප‍්‍රදේශයේ වාසය කළේ කලූ ජාතිකයන් වූ අතර ජෝර්ජ්ද කලූ ජාතික පවුලක සාමාජිකයෙක් විය. ජෝර්ජ් හා දැරියන් දෙදෙනා අතර වූයේ මෙම කෙටි සංවාදය පමණි. එහෙත් ජොර්ජ් සමග වූ සංවාදය සහ දැරියන් දෙදෙනාගේ ඝාතනය අතර වූ හිස්තැනට කිසිදු සාක්ෂියක් නොවීය. ජෝර්ජ් ගේ කළු හම නිසාම ඇසින් දුටු කිසිම සාක්ෂියක් නොවූවත් සැකට සාජු ලෙසින්ම එල්ල වූයේ ඔහු වෙතටයි.

පසුදින ඉරිදාවක් විය. ජෝර්ජ් ඔහුගේ පවුලේ අය සමග උදෑසන දේව මෙහෙයට සහභාගි නිවසට පැමිණියා පමණි. මේ දැරියන් දෙදෙනා මේ සැකය පිට ජෝර්ජ් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් නිවසට පැමිණියහ. මේ වෙන විට ඔහුගේ නැගනිය ‘ඇමි’’ ගේ වයස අවුරුදු අටකි. ඇය පොලිසියට බියෙන් කුකුල් කොටුවට ගොස් සැඟවුණා. අතර ඒ වෙන විට ඔහුගේ වයස අවුරුදු 14 කි.

දැරියන් දෙදෙනකු ඝාතනය කිරීමට තරම් දැඩි සිතක් හෝ ශක්තියක් මේ පුංචි දරුවාට නොමැති බැව් බැලූ බැල්මට වුණත් තහවුරු වෙන සත්‍යක් වුණත් ජෝර්ජ්ගේ කළු හම නිසා ඒ වෙනුවෙන් කිසිදු අවසරයක් ලැබුණේ නැත.

තමා මේ ඝාතනයට කිසි සේත්ම සම්බන්ධ නැතැයි ජෝර්ජ් පාපොච්චාරණය කළේය. එය නොපිළිගන්නා විට ලිඛිතව ඒ බැව් දන්වා සිටියේය. බයිබලයේ අත ගසා දිවුරන්නට වූයේය. ඒ අතරම ජෝර්ජ් මෙම ඝාතනය සිදු කළ බවට කිසිදු සාක්ෂියක්ද නොවීය.

නමුත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජෝර්ජ් බැලීමට ඔහුගේ දෙමව්පියන්ටවත් අවසරයක් ලැබුනේ නැත.

ජෝර්ජ්ට එරෙහිව වූ චෝදනාව පැය තුනක් පුරා විභාග කරන ලද අතර එම ජූරි සභාව සුදු ජාතියන් දොළොස් දෙනකුගෙන් සමන්විත විය. දරුවාගේ වයසත් මිනීමැරුමට යොදා ගත් ශක්තිමත් දණ්ඩත් දකින ඕනෑම අයෙකුට මේ මිනීමැරුම කුඩා දරුවෙකුට කළ නොහැක්කක් බැව් තේරුම් ගියත් අමන සුදු නීතිඥයන් මේ දෙස සාධාරණව බැලූවේ නැත.

අවසානයේදී විනිසුරු මාක් ආර් ජෝන්ස් විසින් කුඩා ජෝර්ජ් වෙනුවෙන් මරණීය දණ්ඩනය නියම කරන ලදී. ඔහු අඬා වැලපෙමින් තමා නිදොස් යැයි කීවත් කළු සම නිසා සුදු ජාතිකයන්ගේ හදවත මෙලෙක් වූයේ නැත.

1944 ජූනි දොළොස් වැනි දින පුංචි ජෝර්ජ් විදුලි පුටුවේ ජීවිතක්ෂයට පත් කිරීමට නියම විය. ජීවිතය ඉල්ලමින් ඔහු අඬ අඬා විදුලි පුටුවට ගියේය. පුටුව උස මදි නිසා ඒ මත දුරකථන නාමාවලියක් තබා ජෝර්ජ් වාඩි කරවන ලදී. ඔහුගේ මුහුණට පළඳවන ලද මුහුණු ආවරණයත් ඔහුගේ පුංචි මුුහුණට සවි වූයේ නැත. එයද ගැලවී ඉවතට ගොස් ඇත. එහෙත් වෝල්ට් 2400 ක විදුලි සැරය මදි නිසා ධාරිතාවය 5200 දක්වා වැඩි කරන ලදී.

මෙම අසාධාරණ මරණීය දණ්ඩනයට එරෙහිව ජෝර්ජ්ගේ සහෝදරිය‘‘ ඇමි රෆ්නර් ’’විසින් 2014 වසරේදී දකුණු කැරලොයිනාවේ අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තමාගේ සහෝදරයා වූ ජෝර්ජ් නිදොස් බවයි. මෙම සිදුවීම වූ දිනයේ තම සහෝදරයා සිටියේ නිවසේ බව ‘‘ඇමි’’ අධිකරණය ඉදිරියේ කියා සිටියාය. ඒ වෙන විට ඇය අටහැවිරිදිය ඇයගේ මතකයේ හැටියට සිටි ජෝර්ජ් සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් නිවසට විත් රැගෙන ගිය බවත් එයින් පසුව ඇය දුටුවේ විදුලි පුටුවේ පිළිස්සුන ජෝර්ජ්ගේ මුහුණ බවයි.

වසර හැත්තෑවකට පසුව එනම් 2014 වසරේදී ජෝර්ජ් ස්ටීනිගේ පවුලේ උදවිය විසින් මෙම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලදී. මෙම අභියාචනයක් අනුව ජෝර්ජ් නිදොස් යැයි තීන්දු විය. එහෙත්.. මේ වෙන විට අමානුෂික සුදු ජාතිකයන්ගේ ගොදුරක් බවට ජෝර්ජ් පත්ව අවසානය. අද ජූරිය විසින් තීන්දු කරනු ලැබුවේ මෙම දරුවාගේ වයසට සහ තරාතිරමට අනුව කුඩා දැරියන්ගේ හිස් කබල දෙපළු වන සේ පහරක් එල්ල කිරීමට තරම් ශක්තියක් නැති බවයි. නමුත් එදා තීන්දුවේදී මෙම සාධාරණ ඇස ජෝර්ජ් වෙත එල්ල වූයේ නැත.

ජෝර්ජ්ගේ මරණය කැරලායිනාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වීම පුදුමයක් නොවේ. වයස අවුරුදු දහහතරක පුංචි දරුවෙකු මේ අන්දමින් ඉතා අමානුෂික ලෙසින් නොකළ වරදක් වෙනුවෙන් වරදකරු කිරීමට තරම් සුදු ජාතිකයන්ගේ අමානුෂික නඩු තීන්දු හැම දෙනාගේම දෝෂ දර්ශනයට ලක් විය.1991 වසරේදී ජොර්ජ්ගේ සිදු වීම මුල් කර ගෙන රූපවාහිනී චිත‍්‍රපටයක් නිෂ්පාදනය වී තිබේ. එම චිත‍්‍රපටය වෙනුවෙන් පාදක කර ගෙන ඇත්තේ ජෝර්ජ්ගේ බෑනණුවන් වන ‘‘ඬේවිඞ් ස්ටුවට් ’’ විසින් රචිත කෘතියකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!