Gossip

“ජීවිතයම ඔහුට දී නිරුවත් පින්තූරවලටත් කප්පම් දෙන්න වුණා” – මීගමුවෙන් ඇසුනු කඳුළු කතාව

විවාහක කාන්තාවක වූ ඇය රූමත්ය. වංශවත්ය. තනතුරෙන් ඉහළය. ඉහළ පැලැන්තියේ සාමාජිකාවකි. ඔහු රියැදුරෙකි. ස්ත්‍රී දූෂකයෙකි. පහත් ගති පැවතුම්වලින් පරිපූර්ණ වංචාකාරයෙකි.
මීගමුව ප‍්‍රධාන පෙළේ ආයතනයක විධායක නිලධාරිනියක වූ ඇය එම ආයතනයේම රියැදුරෙකු වන ඔහු සමග තහනම් ගහේ ගෙඩි කන්නට සැරසෙන්නේ ඇය සතු වංශවත් බව රූපශ‍්‍රීය ඉහළ තනතුර මෙන්ම තමා විවාහක තැනැත්තියක් යන සියලූ කාරණා අභිබවා ගිය රාගයේ උණුසුම හේතුවෙනි.
උපන්ගෙයි කට්ට කයිරාටිකයකු වූ රථාචාර්ය අනියම් පෙම්වතා මේ විධායක නිලධාරිනියගේ රාගයේ උණුසුම සිසිල් කරන්නට ඉදිරිපත් වන්නේ එය ඔහුගේ තවත් ජීවනෝපාය මාර්ගයක් කර ගැනීමේ මතු බලාපොරොත්තු සිතේ සගවාගෙනය.
ඒ අනුව තමන් බලාපොරොත්තු වූ වංචනික අසමජ්ජාති ඉලක්කය ජයගන්නට සැරසෙන බහු ඒ සඳහා අවශ්‍ය සාක්‍ෂි සටහන් එකින් එක පෙළගස්වන්නේ ඉදිරියේදී තම විධායක නිලධාරී අනියම් පෙම්වතියගෙන් කප්පම් ගැනීමට එම සටහන් ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍යම වන බැවිනි.
ඒ පිළිබඳ හාන්කවිසියක් නොදන්නා ඇය නිතර නිතර ඔහු හා සමීප සබඳතා පවත්වන්නේ රාගයෙන් මුසපත් වූ උන්මත්තක තැනැත්තියක් ලෙසිනි. ඒ සියලූ අවස්ථා ඡායාරූප මෙන්ම වීඩියෝගත කරගන්නා මේ නොසන්ඩාලයා වැඩිකල් නොගොස්ම තමන් බලාපොරොත්තු වූ ඉල්ලම පාදා ගැනීමට අත්තිවාරම දමන්නේය.
ඒ අනුව දෙදෙනාගේ අනග රැගුම් ඇසුරින් තමන් මෙතෙක්කල් ලබාගත් අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන කුලප්පු වූ වෙළඹක ලෙස හැසිරුණු විධායක නිලධාරිනියගේ සැමියාට පෙන්වන බවටත් අන්තර්ජාලයට මුදාහරින බවටත් තර්ජනය කර ඇයගෙන් කප්පම් ලබා ගැනීම ආරම්භ කරයි.
තැන් පටන් කාමයේ වරදවා හැසිරීමේ විපාකය මේ වෙසගනට පලිසන්දෙන්නට පටන් ගන්නා අතර කර කියා ගන්න දෙයක් නැති ඕ ගිරයට හසු වූ පුවත් ගෙඩියක් ලෙස පළමු වාරිකය ලෙස ඔහුට රුපියල් පනස් දහසක් පිරිනමා ඇති අතර ඇය සිතන්නට ඇත්තේ සියලූ ගනුදෙනු එතෙකින් නිමාවට පත්ව තමන්ට නිදහසේ දිවි ගෙවන්නට හැකි බව වන්නට ඇත.
එහෙත් එය එසේ නොවන්නේය. තමන්ගේ තරාතිරම තම විවාහක සැමියා නොතකා නිර්ලජ්ජිතව ආශාවන්ට වහල් වී පාපයේ ගැලූන ඇයට දිගින් දිගටම ඊට වන්දි ගෙවීමට සිදු වන්නේය. ඉතා ආදරයෙන් තමා වැළඳගෙන සිතින් මෙන්ම කයින් තමාව සැනසූ රියැදුරු පෙම්වතා ඒ ලබාදුන් සැනසුම් සහගත ජීවිතය දිනෙන් දිනට නීරස කළේය.
මේ ආකාරයට තමා හරිහම්බකරගත් සේසත රියැදුරු පෙම්වතාට පිදූ ඇය අන්තිමේ හිගන්නියක බවට පත්වූවාය. කරකියා ගත හැකි දෙයක් නොමැතිව අවසානයේ ඕ ඉතා බැගෑපත්ව තමාට කරදර නොකරන ලෙස මේ නොසන්ඩාල පෙම්වතා හමුවේ බැගෑපත් වුවද අධික මුදල් තණ්හාවෙන් පීඩිතව සිටි ඔහුගේ සිතේ ඇය කෙරේ අනුකම්පාවක් උපන්නේ නැත.
සාමාන්‍ය අනියම් සබඳතාවලදී ගැහැනුන්ගේ පහස විඳින්නට බොහෝ පිරිමින් තම සේසතම එකී වෙසගනන්ට සැප දෙන්නට පුද කරන අතර මේ සම්බන්ධයේදී ඇයට ඇගේ ඇග මෙන්ම හරි හම්බකරගත් සියලූ දේ නරුමයෙකුට පුදන්නට සිදුවීම ඉතා අවාසනාවන්ත වුවද ඉඳුරන් සංවර කර නොගැනීමේ විපාකය ඊට වඩා බලවත් විය.
තම පවුල් ජීවිතයත් තානාන්තරයත් බේරාගෙන සිටීමට වෙන කළ දෙයක් සහ දීමට මුදල් නොමැති තැන ඇය ඉතා ආශාවෙන් පරිහරණය කළ රන් ආභරණ ද එකින් එක ඔහුට පුදන්නට වූවාය. මොහොතක දෙකක ආශාවන් පසුපස ලූහුබැඳ ගිය විධායක කාමධේනුවට අවසානයේ තමාගේ එක් ලක්‍ෂ පනස්දහසට වඩා වටිනා කර මාලයද රුපියල් පනස් දහසකට වඩා වටිනා මංගල මුදුවද හිගන රියැදුරුට දන් දීමට සිදුවිය.
තමා මේ අපහසුවට ලක් කරන්නේ දවසක් හෝ ළගින් ඇසුරු කළ ගැහැනියක් නේදැයි නොසිතූ මේ නරුමයා ඇය සතු මුදල් මෙන්ම රන් ආභරණද බලහත්කාරයෙන් කොල්ල කා අවසානයේ රුපියල් ලක්‍ෂ පහක් ලබාදෙන ලෙසත් එම ගනුදෙනුවෙන් පසු ඔවුන් දෙදෙනාගේ සියලූ ගනුදෙනු අවසන් වන බවත් පැවසුවත් හිගමනට වැටී සිටින තමා සන්තකයේ රු ලක්‍ෂ පහක් තියා තඹ දොයිතුවක් නැති බව දන්නා ඇයට මෙම ඉල්ලීම තවත් එක් හිසරදයක් වූයෙන් අවසානයේ ඇය සියදිවි නසාගන්නට තීරණය කර ඇත. එය සිතට ආ තීරණයක් වුවද ඇයට මෙලොව ජීවත්වීමට තව කාලය ඉතිරි වී ඇත. එසැනින්ම ඇය දැඩි අරමුණකට පිවිසියාය. නැහැ මම මැරෙන්නේ නෑ. පොලිසියේ පිහිට පතනවා.
වහා ක්‍රියාත්මක වූ ඇය මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මේ බව පැමිණිලි කළාය. ඒ අනුව වහා ක‍්‍රියාත්මක වූ එම අංශයේ නිලධාරීන්ගේ උපදෙස්වලට අනුව තමා ලක්‍ෂ පහක මුදල රැගෙන මාරවිල කුරුස පල්ලිය අසල මුහුදු වෙරළට එන බවත් එම ස්ථානයට පැමිණ මුදල් ලබා ගන්නා ලෙසත් ඔහුට දන්වා ඇත. මෙතෙක් තමාගේ කොල්ල කෑම් සියල්ල සාර්ථක වූ ආකාරයට මෙවරද තමන්ට ලක්‍ෂ පහක මුදල හිමිකර ගැනීමට සිහින මවමින් පැමිණි සැකකරු ඉතා පහසුවෙන් පොලිස් අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු පුරුද්දක් ලෙස මෙලෙස කාන්තාවන් සමග සබඳතා පවත්වා ඔවුන් අසරණ භාවයට පත්කොට ලබාගන්නා මුදලින් ජීවත්වන නිකමෙකු බවයි.
මෙම සිදුවීම දෙස බැලීමේදී එක් අයෙකුට වරද පටවා සිටීමට මෙන්ම ඔහුට වඩා ඇය හොඳයි කියා හෝ ඇයට වඩා ඔහු හොඳයි යන්න කීමට නොහැක. මන්ද කිසිවිටෙක තනි අතින් අත්පුඩි ගැසීමට බැරිය. මේ අනග රංගනයේ යෙදුන දෙදෙනාටම අද සිදු වී ඇත්තේ බල්ලන් සමග ලැගීම නිසා මැක්කන් සමග නැගිටීමටය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!