Gossip

ජර්මනියේ කොරෝනා යළි වැඩිවීමේ අවදානමක් – මෙන්න හේතුව

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා අගුලු දමා තිබු ජර්මනිය සිය අගුලු දැමීමේ සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කර දවස් ගණනක් ගත වූ පසු එරට කොරෝනා වෛරසය ආසාදනය වන අනුපාතය නැවත වැඩි වෙමින් පවතින බව  ජර්මනියේ රොබට් කොක් ආයතනය පවසයි.

රට අගුලු දැමීමේ ක්‍රියාමාර්ගය ලිහිල් කරමින් මුලින් අත්‍යවශ්‍ය නොවන කුඩා සාප්පු  හා කඩද ,පාසල්ද විවෘත කරන විට ජර්මනියේ  එක් පුද්ගලයෙකුට  කොරෝනා වෛරසය පැතිරවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව හෙවත් කොරෝනා ආසාදන අනුපාතය පැවතියේ  1 කටත් අඩු සංඛ්‍යාවකි .එහෙත් අද වන විට එම අනුපාතය 1 ඉක්මවා ගොස් 1:1 ක අනුපාතයක් පෙන්නුම් කරන බව රොබට් කොක් ආයතනය කියයි. මේ අනුව ජර්මනියේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවත වැඩි වෙමින් පවතින බවත් ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය තවත් සමීපව අධ්‍යයනය කරන බව එම ආයතනය කියයි.

මෙවැනි තත්ත්වයක් පැවතියදී ජර්මනිය පුරා දහස් ගණන් ජනතාව උද්ඝෝෂණයන් පවත්වමින් ඉල්ලා සිටියේ රට අගුලු දැමීම ඉක්මනින් ඉවත් කළ යුතු බවයි. මෙම උද්ඝෝෂණවලට සහභාගී වුවන් අතර සමාජ දුරස්ථභාවයක් නොතිබූ බවද වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!