Gossip

ජනාධිපති මියයන බවට අනාවැකි කියූ ජෝතීර්වේදියාට වෙච්ච දේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මියයන බවට අසත්‍යය අනාවැකියක් ප්‍රකාශ කළේ යැයි කියන ජෝතීර්වේදි විජිත රෝහන විජයමුණි මහතාට එරෙහි පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි රහස් පොලීසිය අද(03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි.
සැකකරු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇති බවත් ඒ අනුව පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව පැමිණිල්ල නැවත ජුලි මස 9 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද රහස් පොලිසියට නියම කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!