පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට තවදුරටත් පීඩනයක් එල්ල වූ හොත් ජාතිය අමතා ජනපතිධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් පවසනවා.
ඒ ට්විටර් පණිවිඩයක් මගිනුයි.
ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පසුගිය සඳුදා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළ බවයි මන්ත්රීවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ.