Gossip

“කැත වැඩ කරන්න එපා කියලා මට බැන්නා. පෙම් සබන්ධතාවයක් ඇතිවෙලා” – ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණට මුහුණුපොතෙන් පැටලුනු ආදර අන්දරයක් නිසා වෙච්ච දේ

තීක්ෂණ අනුරාධ කියන්නේ තරුණ හදවත් මියුරු හඬින් වසග කළ ජනප්‍රිය ගායකයෙක්
තීක්ෂණට මුහුණුපොත නිසා සිද්ධවුණු අකරතැබ්බයක් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.

ජනප්‍රිය කලාකරුවන්ගේ නමින් ව්‍යාජ Facebook ගිණුම් හදන අය ඒ ගිණුම්වලින් කරන දේවල් ගැන දෝෂාරෝපණ එන්නේ අදාළ කලාකරුවන්ටයි.
අපේ බොහෝ සහෝදර ශිල්පීන්ට වගේම මටත් ඒ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා.
මගේ නමින් ව්‍යාජ facebook ගිණුම් පවත්වාගෙන ගිය අය ගෑනු ළමයින්ට අයුතු යෝජනා කළ අවස්ථා වගේම, බොරු තීක්ෂණ අනුරාධ කෙනෙක් මුහුණු ‍පොත හරහා වාහනයක් විකුණා ගන්න උත්සාහ කළ අවස්ථා ගැනත් මට ආරංචි වෙලා තියෙනවා.
ඔය වගේ විවිධාකාර සිදුවීම් අතරේ බොහොම අපූරු සිදුවීමක් මගේ මතකයට එනවා.
facebook නිසා මේ වෙනකොටවත් මේ වගේ සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණු අවස්ථාවක් ගැන නම් මම නම් අහලා නැහැ. මොකද මේක ටිකක් දුර්ලබ සිදුවීමක්. ඒ නිසා මම ඒ කතාව මුල ඉඳලම කියන්නම්.
මේක වුණේ මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදීමයි. ඒ කා‍ලේ මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්.
ඒ වෙද්දී මට ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර තදබල විදියට තිබුණා. දවසක් මම විශ්වවිද්‍යාලයේ දේශන ඉවර වෙලා බස් නැවතුම්‍පොළට ආවා.
මගේ මිතුරු පිරිසකුත් ඒ වෙලාවේ මාත් එක්ක හිටියා. දැන් ඔන්න අපි කට්ටිය බස් එකක් එනතුරු කතා බහ කරමින් ඉන්නවා. ඔය වෙලාවේ ගෑනු ළමයි දෙන්නෙක් අපි හිටපු තැනට කලබලෙන් වගේ ආවා. මේ අය එන්නේ මාව හමුවන්න බව ඈත තියාම මට තේරුණා. එකත් එකටම මේ දෙන්නා මගේ රසිකාවියෝ දෙන්නෙක් වෙන්න ඇති කියලා හිතලා මමත් බොහොම සුහදව හිනාවෙලා ඔවුන්ව පිළිගත්තා.
හැබැයි ඔවුන්ගෙන් ලැබුණේ හීනෙකින්වත් නොහිතපු ප්‍රතිචාරයක්. මේ දෙන්නා මගේ ළඟට ඇවිත් බැණගෙන බැණගෙන ගියා. ඒක අහපු මට කිසි දෙයක් හිතාගන්න බැරි වුණා. ඇයි මොකක්ද ප්‍රශ්නෙ කියලා මම ඇහුවාම මේ අය කියනවා කැත වැඩ කරන්න එපා කියලා.
ටික වෙලාවක් යද්දී ඇත්ත මොකක්ද කියලා හෙළි වුණා. මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ. මේ දෙන්නගෙන් එක ගෑනු ළමයෙක් මගේ තදබල රසිකාවියක්. ඒ ළමයා මගේ නමින් facebook ගිණුමක් පවත්වාගෙන යන ව්‍යාජ තීක්ෂණ අනුරාධ කෙනෙකුට රැවටිලා.
ඇත්ත නොදැන ඇය බොරු තීක්ෂණ අනුරාධත් එක්ක දිගටම chat කරලා පස්සේ ඒ සම්බන්ධය දුර දිග ගිහින් දෙන්නා facebook එකෙන්ම පෙම්වතුන් වෙලා.
හැබැයි කවදාවත් මේ දෙන්නා මුණගැහිලා නැහැ.
තීක්ෂණ අනුරාධගේ පෙම්වතිය විදියට මේ විදියට මාසයක් විතර chat කරද්දී ගෑනු ළමයාට සැක හිතිලා තියෙනවා තමන් ආදරය කරන්නේ ඇත්ත තීක්ෂණ අනුරාධට නොවෙයි කියලා. කොහොම හරි ඇය හොරේ අල්ලගෙන. ඊට පස්සේ ඒ ගැන විමසද්දී අර පුද්ගලයා කියලා තියෙන්නේ අපූරු කතාවක්.
මම තීක්ෂණගේ යාළුවෙක්. එයා තමයි මට කිව්වේ ඔයාව මේ විධියට බයිට් කරන්න කියලා ඔන්න ඕකයි අර ගෑනු ළමයා මට බණින්න හේතුව. පස්සේ මම එයාට කරුණු පැහැදිලි කළා. වැඩි විස්තර හොයලා බලද්දී මේ වැඩේ කරලා තියෙන්නේ මගේම යාළුවෙක්. මම එයාටත් බැන්නා.
මේක facebook හරහා වූ සිදුවීම් අතර දුර්ලභ සිදුවීමක් කියලා මුලදී සඳහන් කළානේ. මේ කතාවේ අන්තිම ටික අහන කොට හැමෝටම වැටහෙයි මම එහෙම කිව්වේ ඇයි කියලා. අර ගෑනු ළමයා තමන්ව රවටපු බොරු තීක්ෂණ අනුරාධව මුණ ගැහිලා ඔහුටත් බැණලා. ඒ හරහා කොහොම හරි දෙන්නා අතර දැන හැඳුනුම්කමක් ඇති වෙලා. ඒ දැන හැඳුනුම්කම කොයි තරම් දුර ගියාද කියනවා නම් අද වෙද්දී දෙන්නා විවාහ වෙලා ඔවුන්ට දරුවන් දෙන්නෙකුත් ඉන්නවා. දැන් ඒ මුළු පවුලම මගේ යාළුවෝ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!