Gossip

ජනප්‍රිය නිළි පූජාගේ අලුත් ආදර පටලැවිල්ල මොකද්ද?

මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
තොරතුරු කියන්නේ ඉතිං සතුටු හිතෙන දේවල් ගොඩක් එක්ක ඉන්නවා…ඒ වගේම ටිකක් කාර්ය බහුල ගතියකුත් තියනවා…

පහුගිය දවස්වල ලොකු සම්මානයක් ලැබුණා?
ඔව්… ඔව්… එකක් නෙවෙයි කිහිපයක්ම ලැබුණා…පහුගිය දවස්වල තිබුණු slim nielsen people’s award එකේ තරුණ පරපුරේ ජනපි‍්‍රයම නිළියට හිමි ජනතා සම්මානය හම්බ වුණා ඒ විතරක් නෙවෙයි 34 වැනි කාගිල්ස් සරසවි සම්මාන උළලේදී ‘සරිගම. චිත‍්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඉතිං ඒවත් එක්ක ඇත්තටම මම ගොඩක් සතුටෙන් ඉන්නේ…ඒ හැමදේටම වැඩියෙන් මට වටින්නේ මගේ රසික රසිකාවියන් සහ එයාලගේ ආදරය. ඉතිං එයාලා හැමදාමත් මගෙත් එක්ක ඉන්නවා. ඒ ආදරය තරම් වටින Awards එකක් මට තවත් නෑ…මේ වෙලාවේ මං එයාලා හැමෝටම ගොඩක් ස්තුති කරනවා.

හැමදේටම හිනාවෙලා නේද උත්තර දෙන්නේ?

(සිනාසෙයි) ඔව්…ඔව් මං ඉතිං ඒක මගේ හැටිනේ…මං හිනා වෙලා ඉන්න තමයි කැමති… ඔයාලා මෙහෙම අහනකොටත් මට හිනායනවා…

මේ දවස්වල කලා කටයුතුවලට දායකත්වය එහෙම කොහොමද?
ඔව්…‘පත්තිණි. සහ ‘සරිගම. චිත‍්‍රපටවල සාර්ථකත්වයත් එක්ක” මේ දවස්වල හොඳ චිත‍්‍රපට කිහිපයකටම ආරධානා ලැබුණා… ඉතිං මම ඒවායේ පිටපත් මේ දවස්වල බලන් යනවා…ඒ අතරින් හොඳම කිහිපයකට රංඟනයෙන් දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා…ඉතිං මගේ රසික රසිකාවියන්ට කියන්න තියෙන්නේ ළඟදීම රිදී තිරයෙන් මාව යළිත් ඔයාලා හැමෝටම බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි…

මේ අහන්නේ පොඩි පෞද්ගලික කාරණාවක්… මේ දවස්වල යන ආදර පටලැවිල්ලක් ගැන කතාවක් යනවා…අපිටත් දැනගන්න පුළුවන්ද?
ඉතිං පෞද්ගලිකයි නම් ඇයි ඔයා මගෙන් ඒ ගැන අහන්නේ…(සිනාසෙයි) හරි…හරි… දැනට කියන්න තියෙන්නේ ඒක රසවත් ආදරණීය රහසක් කියලා තමයි. (සිනාසෙයි)

අපිට ඔය රසවත් ආදර පටලැවිල්ල ගැන දැනගන්න පුළුවන් වෙන්නේ කවද්ද?
(සිනාසෙයි) ඒක ඉක්මණින්ම සිද්ධ වෙයි. දැනට කියන්න තියෙන්නේ මගේ රසිකයන්ටත් හිතවතුන්ටත් ඉවසලා ඉන්න කියලා තමයි… ඇත්තටම ඒ ගැන ඉක්මණින්ම දැනගන්න පුළුවන් වෙයි. (සිනාසෙයි)

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!