Gossip

ජනප්‍රිය ගායන ශිල්පී නලින් පෙරේරාගේ කැරැට්ටුව බිරිඳ නිල්මිණී හෙළි කරයි – Photos

අපි කවුරුත් දන්න රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායකයෙක් තමයි නලින් පෙරේරා කියන්නේ.
නලින් මේරියන්ස් කණ්ඩායමේ නායකයා.
නලින් පෙරේරාගේ ජීවිතය ගැන අපි නොදන්නා බොහෝ දේ ඔහුගේ ආදරණීය බිරිඳ නිල්මිණී මේ විදිහට සතිඅන්ත පුවත්පතකට හෙළි කරලා තිබුණා.

නලින් පෙම්වතා කාලේ කොහොම කෙනෙක්ද?
ඇත්තටම අපි යාළු වුණේ නලින් මේරියන්ස් බෑන්ඩ් එක පටන් ගත්ත මුල් කාලේ. ඒ කාලෙ එයා පිස්සුවෙන් වගේ මැරීගෙන වැඩ කළා. බෑන්ඩ් එකේ වැඩවලට, සංගීතයට ලොකු ඇල්මක් ඒ කාලෙත් තිබුණේ.

සැමියා වුණාම ඒ කෙනා වෙනස් වුණාද?
එහෙම ලොකු වෙනසක් නෑ. හිටපු කෙනාම තමයි ඉන්නේ. ගොඩාක් අඩු වයසින් අපි බැන්දේ.

තාත්තා කෙනෙක් විදියට
ළමයින්ට හරි ආදරෙයි. වෙන තාත්තලා වගේ නෙමෙයි ළමයි එක්ක හරිම සමීපයි. මටත් වැඩිය ළමයි ගැන හොයලා බලනවා. එයා කොහොමත් පොඩි ළමයින්ට ආදරෙයි.

ළඟම යාළුවෝ
බෑන්ඩ් එකේ අයම තමයි ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්නේ. බෑන්ඩ් එකේ ඉන්න රුවන්, ශශික පෙරේරා තමයි එයා ළඟින්ම ආශ්‍රය කරන්නේ. පොඩි කාලේ ඉඳන්ම ළඟින්ම ඉන්න යාළුවෝ ටිකක් එයාට ඉන්නවා.

නලින්ගේ විශේෂ පුරුදු
නිදාගන්න එක තමයි තියෙන විශේෂම පුරුද්ද. සංගීත කටයුතුයි නිදාගන්න එකයි හැර වෙන වැඩක් කරන්න නලින්ට කාලයක් නෑ.

නලින් වැඩිපුරම යන්න කැමති තැන්
නලින් කොහෙවත් යන්න කැමැති නෑ. අපි බලෙන් තමයි කොහේ හරි ඇදගෙන යන්නේ. ගෙදරට වෙලා ඉන්න තමයි නලින් වැඩිපුරම කැමැති.

ඔබ නලින්ගේ අකැමැතිම පුරුදු
අකැමැතිම පුරුද්ද තමයි වැඩිපුර කතා කරන එක. සමහර වෙලාවට කෙටියෙන් කියන්න තියෙන දේ දික්කර කර කියනවා. මම ඒ වෙලාවට කියනවා කියන කතාව කෙටියෙන් කියන්න කියලා.

නලින්ට කේන්ති ගියාම
එයාට කේන්ති යනවා ගොඩාක් අඩුයි. ගොඩාක් ඉවසනවා. බෑන්ඩ් එකේ අයගෙන් වුණත් වැඩිපුරම ඉවසීම තියෙන්නේ නලින්ට. තරහ යන අවස්ථා ගොඩාක් අඩුයි.

නලින්ගේ ෆැෂන්
එහෙම කිසිම වුවමනාවකින් ෆැෂන් කරන්නේ නෑ. දෙන දේ අඳිනවා. මම තමයි ඇඳුම් තෝරලා දෙන්නේ.

නලින්ට තියෙන කාන්තා ආකර්ෂණය කොයි වගේද?

ඉස්සර නලින්ට කාන්තා ආකර්ෂණය තියෙද්දි මට තරහයි. දැන් ඒවා සාමාන්‍ය දේවල්. අම්මෝ දැනටත් කාන්තා ආකර්ෂණය නම් අඩු වෙලා නෑ. පුදුම වැඩක් ඒක. නලින් කොහොමත් ඕන කෙනෙක් එක්ක කතා කරන කෙනෙක්. කොහේ ගියත් කට්ටිය එනවා ෆොටෝ ගන්න. ඒ වෙලාවට කියනවා හිනාවෙලා කට දෙපැත්ත රිදෙනවා කියලා.

නලින් ගැන අපි නොදන්න රහස්
නලින් හරිම නිදහසේ ඉන්න කැමැතියි. තව චිත්‍ර අඳින්න ගොඩාක් කැමැතියි. ගස් කොළ වවන්න ආසයි. ඒවාට සාත්තු කරනවා. නලින් ඕන කෙනෙක්ට ගෙදරට එන්න කියනවා. එයා හැමෝම එක්ක මිත්‍රශීලීව ඉන්න කැමැතියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!