Gossip News

ජනපති සමාව ඉල්ලා වැලිකඩ සිරකරුවන් දෙදෙනෙක් විරෝධය..

තමන්ටද ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් මරණ දඬුවම හිමිවී වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් දෙදෙනෙක් විරෝධතාවයක නිරතව සිටිනවා.

රෝයල් පාර්ක් මිනිමැරුම් සිද්ධියේ චුදිතයාට ජනාධිපති සමාව ලබා දුන්නේ නම් ඊට පෙර තමන්ටද සමාව හිමිවිය යුතු බව පවසමින් මෙම සිරකරුවන් දෙදෙනා සිය විරෝධතාවය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ්‍ය නිලධාරියෙකු පැවසුවේ පැයක කාලයක් සඳහා ඔවුන් සිටින සිරමැදිරි වලින් පිටතට ගැනීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ H සිර මැදිරි සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත නැග මෙලෙස විරෝධතාවයක නිරත වන බවයි.

මේ අතර රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව මේ වන විට සමාජ ජාලා හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!