Gossip

චීන වූහාන් නගරයේ ලක්ෂ 110ක ජනතාවක් දින දහයක් තුල කොරෝනා පරීක්ෂණයට

චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ සියලූ‍ම ජනතාව දින දහයක් ඇතුලත කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට චීන රජය තීරණය කර තිබේ.

වුහාන් නගරයෙන් කොරෝනා ආසාදිතයන් හය දෙනෙකු හමුවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

වුහාන් නගරය කොරෝනා හේතුවෙන් දින 76 ක් තිස්සේ මුළුමනින් වසා දමන ලද අතර එය යලි විවෘත කෙරුනේ දැනට සති කීපයකට පෙරය.

වුහාන් නගරයේ සමස්ත ජනගහනය මිලියන එකොළහක් වන අතර මේ සියලූ‍ දෙනා පරීක්ෂාවට ලක් කෙරේ.

මේ අතර චීනයේ කොරෝනා ආසාධිතයන් වාර්තාවන අනෙක් ප‍්‍රදේශය වන්නේ ජීලින් ප‍්‍රාන්තයේ ශුලාන් නගරයයි. මේ වන විට එම නගරයේ ආසාධිතයන් 11 දෙනෙකු හමුවී ඇත. මේ වන විට එම නගරය පුරා යුද නීතිය ප‍්‍රකාශයට පත් කර ඇති අතර කිසිවකුට නිවෙස් වලින් එලියට බැසීම තහනම් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!