Gossip

කොරෝනා නීති කඩ කළ හෝටල් දෙකක් කඩා දමයි

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා පනවා තිබු අගුලු දැමීමේ සීමාවන් උල්ලංගනය කරමින් සේවාවන් සැපයු බවට චෝදනා කරමින් නයිජීරියාවේ “රිවර්ස් “ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් ප්‍රාන්තයේ පිහිටි හෝටල් දෙකක් කඩා දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නයිජීරියාවේ පළ වන “ගාඩියන් නයිජීරියා “පුවත්පතට අනුව දකුණු දිග නයිජීරියාවේ පිහිටි  තෙල් සම්පතින් පොහොසත් රිවර්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර න්යෙසොම් විකේ විසින් ඉකුත් සති අන්තයේදී  “ප්‍රොඩෙස්ට්  “හා “එඩෙමෙටේ “යන හෝටල් මෙසේ කඩා දමා ඇත්තේ රජයේ අගුලු දැමීමේ සීමාවන් උල්ලංගනය කළ බව පවසමිනි.

මෙසේ කඩා දැමුණු හෝටල් දෙකේ අයිතිකරුවන් එසේ අගුලු දැමීමේ සීමාවන් උල්ලංගනය කළ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ කෙසේ වුවද රට අගුලු දැමීමේ ක්‍රියාමාර්ගය යටතේ හෝටල් වසා දමන ලෙසට කර ඇති නියෝගය අදාළ හෝටල් විසින් උල්ලංගනය කර ඇති බවත් ප්‍රාන්තයේ හෝටල්වල සිටියදී කොරෝනා ආසාදිතයින් හමු වී ඇති බව රිවර්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසා තිබේ ,එහෙත් කඩා දැමුණු හෝටල්වල සිටියදී එවැනි ආසාදිතයින් හමු වූ බවක් ඔහු පවසා නොමැති බව විදෙස් මාධ්‍ය කියයි.

කඩා දැමුණු හෝටල් දෙකේ අයිතිකරුවන්ව පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර එසේ අත් අඩංගුවට පත් කඩා දැමුණු ප්‍රොඩෙස්ට් හෝටලයේ අයිතිකරු ප්‍රකාශ කර ඇත්තේ රට අගුලු දැමීම තුළ සිය හෝටලය විවෘත කර නොතිබූ බවයි .” හෝටලයේ සේවකයින්ගෙන්  සියයට 70ක්ම නිවෙස්වලට යවා තිබුනා ,මේ නිසා හෝටලයේ තිදෙනයි සේවයේ සිටියේ .ප්‍රාන්තයේ නිළධාරීන්  පැමිණ අපෙන් අල්ලස් වශයෙන් මුදල් ඉල්ලුවා මුදල් දුන්නොත් හෝටලය විවෘත කර පවත්වාගෙන යාමට අවස්ථාව දෙන බව කීවා  .එහෙත් අප ඔවුන්ට කියා සිටියේ හෝටලයේ සේවා කටයුතු නොපැවැත්වෙන නිසා දීමට මුදල් නොමැති  බවයි ” හෝටලයේ අයිතිකරු වන ගොගෝරොබාරි නීඩාම් “බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද මෙම චෝදනාව රිවර්ස් ප්‍රාන්ත නිළධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ ,මෙසේ හෝටල් දෙක කඩා දැමීම හේතුවෙන් සේවකයින් 60 දෙනෙකුට රැකියා අහිමි වී ගොස් ඇති බව නයිජීරියානු මාධ්‍ය පවසයි.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!