Gossip

ඝාතනය වූ දිනයේ තාජුඩීන්ට ආපු මිස් කොල් එක කාගෙන්ද?

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහුගේ ජංගම දුරකතනයට මග හැරුණු ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් අදාල දුරකතන සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කර තිබෙනවා

එම දුරකතන අංකය මගින් 2012 මැයි මස 17 වැනිදා රාත්‍රී 12.32 ට තාජුඩීන්ගේ දුරකතනයට මගහැරුණු ඇමතුමක් ලැබී ඇති අතර මින් පෙර අදාළ සමාගමෙන් ලද වාර්තාවල ඒ පිළිබඳව ඇතුලත් වී නැහැ.

කෙසේවෙතත් මෙම ඇමතුමට සම්බන්ධව කාර්මික උපකරණ හා කුලූණු පිළිබඳ සටහන් සහිත වාර්තාවක් ලබා දෙන ලෙසට අදාළ සමාගමට නියෝගයක් නිකුත් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගනිමින් අදාල දුරකතන සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!