Gossip

අගමැතිකමට සමුදෙනවාද? හැමෝම බලාසිටි අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

ව්‍යවස්ථාව අනුව තමා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.

අද(16) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පවතින නීතිරීතිවලට අනුව අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇතැයි තමා නොසිතන බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා.

සභාග රජයක් තුළ ගැටීම් ඇති වීම සාමාන්‍ය දෙයක් බවත්, එවැනි තත්ත්වයක් පවත්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

2015 ජනවාරි මාසයේ ලබා දුන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වු බවත් ඒ තුළින් ඡන්ද දායකයින් අනතුරු අඟවා ඇති බව ද අගමැතිවරයා පැවසුවා.

එක්සත් ජාතික පක්ෂයට අනාගත නායකත්ව කණ්ඩායමක් බිහිකරගැනීම සඳහා පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!