Gossip

ගෝඨාභය ජනපති කිරීමේ සැලසුමක් නැහැ – හිටපු ජනපති මහින්ද කියපු ආන්දෝලනාත්මක කතාව

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයන් ගැන දැන්ම කතාවෙන්න පටන් අරන් තියෙනවා.

එක් එක් පක්ෂවලින් මේ සඳහා ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න ගැන හැමතැනම තියෙන්නේ කුතුහලයක්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා විදියට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්න කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද හිටපු ජනාධිපතිවරයා මීට කළින් කියලා තිබුණා.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවට පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කළා.

විදේශ මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් විමසූ වේලාවේදී හිටපු ජනාධිපතිවරයා කියලා තිබුණේ තවම ඒවගේ තීරණයක් අරන් නැහැ. ජනතා කැමැත්ත අනුව එය තීරණය වේවි. ගෝඨාභය ද නැත්නම් වෙන කවුරු හරිද කියලා”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!