Gossip

ගෙදරින් හා කියපු නිසයි කළේ – එදා මට දුකක් ඇතිවුණාද කියලා ඇහැව්වොත් මට හරියටම දෙන්න උත්තරයක් නැහැ – අමන්දා සිල්වා

ඇය නිරූපණ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ජනප්‍රිය නිරූපිකාවක්. නමින් අමන්දා සිල්වා වන ඇය පසුගියදා තම තුන් අවුරුදු ආදරය මල්ඵල ගන්වමින් යුග දිවියට එළැඹුණා. ඒ නිසාම ඇගේ අලුත් ජීවිතය ගැන අහන්න මෙවර කතාබහට ඇයව එකතු කරගත්තා.

විවාහයත් එක්ක විදේශගත වෙනවා කියන්නෙ ඇත්තද?
ඔව්. හැබැයි දැන්ම ‍නෙවෙයි. තව ටික කාලයක් මට ලංකාවේ ඉන්න වෙනවා.

විදේශගත වුණහම නිරූපණයෙන් ඈත්වෙන්න වෙනවා නේද?
මට ලංකාවෙන් විතරයි යන්න වෙන්නේ. තවම නිරූපණයෙන් සමුගන්න අදහසක් නැහැ. තවම මගේ ඇඟ ලස්සනයි. දිගටම නිරූපණයේ රැඳෙන්න තමයි අදහස. මට හිතුණොතින් නිරූපණය දැන් ඇති කියලා මම ඒ දේ නතර කරනවා.

රංගනයෙන් ඈත්වෙලාද නැත්නම් ලැබෙන ආරාධනා අඩුවෙලාද?
ආරාධනා නම් ලැබුණා. නමුත් දින ගැටලුවක් තියෙන නිසා ඒවාට ප්‍රතිචාර දක්වන්න විදියක් නැහැ.

දිමුතුගෙන් තහංචි වැටිලා නැද්ද අමන්දට?
නැහැ. ඔහු මට කවදාවත් කිසිම තහංචියක් දාලා නැහැ. මට උපරිම නිදහස දීලා නිසා මම මගේ වැඩ ටික පුදුම සැහැල්ලුවකින් කරගන්නවා.

විවාහයත් එක්ක අමන්දට පවුල වගේම ලංකාවෙනුත් ඈත්වෙන්න වෙනවා. මොකද හිතෙන්නෙ අමන්දට?
මගේ ළඟින්ම ඉන්නේ නංගි, තාත්තා, මාමා, කැළුම් අන්කල්. මම ඔක්තෝබර් 27 විවාහ වුණේ. එදා මට දුකක් ඇතිවුණාද කියලා ඇහැව්වොත් මට හරියටම දෙන්න උත්තරයක් නැහැ. එදාට වඩා මම ඔය දේ හිතෙන හැම දවසකම හැමෝටම හොරෙන් අඬලා තියෙනවා. මට මගේ කියලා ගොඩක් දෙනෙක් නැහැ. ඒ අයගෙන් වෙන්වෙලා මම ජීවත්වෙන්න ඕන කියන දේ හිතද්දි මට දුකයි. ඒත් ඉතින් ඒක මට වගේම අනෙක් හැම ගැහැනු ළමයෙක්ටම ‍පොදු දෙයක්. දැනට මම හිත හදාගෙන තියෙන්නේ. ලංකාව අතඇරලා යද්දි නම් මට ඒ දුක දරාගන්න බැරිවෙයි.

කොහොමද විවාහය සැලසුම් කළේ?
ඇත්තටම මම ‍නෙවෙයි කැළුම් අංකල් තමයි හැම දෙයක්ම කළේ. මට හොටෙල් එකක් කෑම ලස්සනට හදලා දුන්නේ ගලදාරි එකේ අනූෂාන්. මාව ලස්සනට උඩරට මනාලියක් ලෙස හැඩගැන්වූවේ ධනංජය බණ්ඩාර. චෝලි එක කළේ චතු ලියනගේ. මල් සැරසිලි කළේ ප්‍රභාත්. මගේ මහත්තයගේ අම්මයි තාත්තයි මට ගොඩක් උදව් කළා.

ඔබේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය මතද?
නැහැ. ඒක මගේ ජීවිතයේ එක කොටසක්. ඒ දේ වෘත්තීය වුණාට ඒ දේ විඳිනවා. මම නිතරම මුල්තැන දෙන්නේ මගේ පවුලට.

ජීවිතයේ මගහැරුණු දේවල් ගැන ඔබ පසුතැවෙනවද?
කිසිම දවසක පසුතැවෙන්නෙ නැහැ. දෙයක් නැතිවෙන්නේ ඒ හැමදේටම වඩා හොඳ දෙයක් ලැබෙන්නයි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ කා‍ලේ දුකක් ලැබෙන්නේ ඉස්සරහට හොඳ දෙයක් වෙන්න කියලයි මම හිතන්නේ. මට ජීවිතේ ඇතැම් දේවල් මග හැරුණත් අද මට හැමදේම ලැබිලා තියෙනවා.

ආපස්සට හැරිලා බලද්දි ජීවිතේ ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව් අනිවාර්යයෙන්ම. මම අතීතයේ හැම දේකින්ම ජීවිතේට දේවල් එකතු කරගත්ත කෙනෙක්. දෙයියෝ මට මේ දීපු සතුට හැමදාම දෙනවා නම් මම හරි කැමතියි.

දිමුතු වගේ ආදරණීය සැමියෙක් ලැබිම ගැන අමන්දා මොකද හිතන්නේ?
ඒ දේ මට හිතාගන්නවත් බැහැ. මොකද දිමුතුගෙන් මම මාවයි නිතරම දකින්නේ. මට ඔළුව නිදහසේ තියාගෙන මට ඕන තැනක ඉන්න පුළුවන්. ඇත්තටම ඔහු ගැන මට සියුම් ආඩම්බරයක් තියෙන්නේ.

ඔහුව මුණ ගැහෙන්නේ පවු‍ලේ අයගේ යෝජනාවකින්ද?
මගේ මාමගේ යාළුවෙක් තමයි දිමුතු. ඔහු මාමාගෙන් මම ගැන අහලා තිබුණා. මාමා ඔහු ගැන මට කීවා ඔයා කැමති නම් ඔයගොල්ලන් කතා කරලා තීරණය කරන්න කියලා. අපි ටික කාලයක් කතා කළා. කාලයක් යද්දි තේරුණා මොහු මට හරියනවා කියලා. ඒ ගැන ගෙදර අයට කීවහම ඔවුන් මට කැමැත්ත දුන්නා. අපි දෙන්නා මුණගැස්සුවේ මාමා වුණාට අපි ආදරය කරලයි විවාහ වෙන්නේ. ගෙදරින් හා කියපු නිසයි මම ඔහුව විවාහ කරගන්නේ. මොකද ගෙදරින් එපා කියලා මම තෝරගත්ත දේවල් මට හරිගියේ නැහැ. මොකද මගේ පවුල තමයි මගේ දේවල් හරියටම දන්නේ.

මොනවද ජීවිතයේ ඉදිරි සැලසුම්?
මම ලොකුවට හීන මවන කෙනෙක් ‍නෙවෙයි. හරි සාමාන්‍යයෙන් ජීවත්වෙන කෙනෙක්. මම නිතර දෙවියන්ගෙන් ඉල්ලන්නේ මට මේ සතුට හැමදාම දෙන්න කියලයි.

ඇත්තද අමන්දට රසට උයන්න පුළුවන් කියන්නේ?
ඒක නම් ඇත්ත කියලා හිතෙනවා. මම හදලා දෙන කෑම ගෙදර අය රහයි කිය කියා කියනවා. මම හරි ආසයි රහට උයන්න.

ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමුවෙන්න අදහසක් නැද්ද?
එහෙම අදහසක් නැහැ. තවම ඒ ගැන හිතලත් නැහැ. අමන්දාගේ කතාබහෙන් අනතුරුව අපි සමග එකතු වුණේ ඇයගේ ආදරණීය සැමියා දිමුතුයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!