Gossip

ගුවන් තොටුපොළ බලධාරීන් උසාවි නියෝග පැහැර හැරලා-ලක්ෂ 600ක පාඩුවක්- තොරතුරු මෙන්න

2

කටුණායක ගුවන්තොටුපල පරිශ්‍රය කළමනාකරණය කරන්නේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමය. ගුවන් තොටුපල පරිශ්‍රය තුළ රටට පැමිණෙන විදේශිකයන්ට සේවා හා පහසුකම් සැලසීම සඳහා සංචාරක සේවා කවුන්ටර 06 ක්‌ පවත්වාගෙන යන්නේය.

මෙම සංචාරක සේවා කවුන්ටර පවත්වාගෙන යන්නේ අවුරුදු 3ට ‍වරක් ටෙන්ඩර් කැඳවාය. කෙසේ වෙතත්  අදාළ කාල සීමාව පසුගිය වසරේ දෙසැම්බර් අවසන් විය.

වර්ෂ 2016 සඳහා සංචාරක සේවා කවුලු ලබා දීමට අදාළ ඉල්ලුම් කරුවන්ගේ ටෙන්ඩර්පත් වර්ෂ 2015.12.30 වන දින විවෘත විය. ඒ අනුව උපරිම ලංසුවක්‌ ඉදිරිපත් කිරීමෙන් සුදුසුකම් සපුරා ඇති ලංසු තබන ලද ආයතන තෝරා ගෙන තේරී පත් නොවු පිරිසට ලිපියකින් දන්වා තිබේ.
1
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමසිරි සිය අත්සනින් යුතුව වර්ෂ 2016.04.28 ලිපියක්‌ නිකුත් කරමින් උපරිම ලංසුවක්‌ ඉදිරිපත්කොට තේරී පත්ව ඇති ලංසු තබන ලද ආයතන ලයිස්‌තුවක්‌ ඉදිරිපත් කළේය. එම ලයිස්‌තුවට අනුව අංක 1 කවුලුව ගුවන්තොටුපල සංචාරක රියදුරු සංගමයට ද, අංක 2 කවුලුව අබාන්ස්‌ ටුවර්ස්‌ නම් සමාගමකට ද, අංක 3 කවුලුව ආයුබෝවන් ටුවර්ස්‌ ඇන්ඩ් ට්‍රැවල්ස්‌ නම් සමාගමකටද, අංක 4 කවුලුව ලංකා ට්‍රැවල් ඒජන්ට්‌ස්‌ ඇසෝෂියේෂන් නම් සමාගමකට ද, අංක 5 කවුලුව කාසන්ස්‌ ට්‍රැවල් නම් සමාගමකටද, කවුලු අංක 6 ඡේ.එන්.ඩබ්ලියු. ලංකා ටුවර්ස්‌ නම් සමාගමකට ද ලබා දිය යුතු වූයේය.

අදාළ බදු කාලය නිමා වූ පසුත් ඉවත් නොවී සිටිනා පැරණි කණ්‌ඩායම විසින් දැනට ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමට ගෙවන මාසික කුලිය හතලිස් දෙලක්ෂයකි (42,00000.00). එහෙත් නව බදු ගිවිසුම්ගත ආයතන විසින් සමාගමට මාසිකව ගෙවීමට එකගවී ඇති කුලිය රුපියල් අසූ හය ලක්‌ෂ හතලිස්‌ හත් දහස්‌ නවසිය අසූ හතර (86,47984.00) කි. මේ අනුව නව ගිවිසුම්ගත ආයතන හේතුවෙන් ගුවන්තොටුපලට මාසිකව රුපියල් හතලිස් තුන් ලක්ෂයක අමතර ආදායමක් මෙම වසරේ සිට ලැබිය හැකිය.

නමුත් මේ වන විට අදාල නව සමාගම් සමග අනුමත කර ගත් ටෙන්ඩර් වලට අදාළ කවුන්ටර් ලබානොදී  පැරණි ආයතන වෙත අඩු මුදලට අදාල සේවා ලබා ගැනීමට ගුවන් සේවා සමාගම කටයුතු කරමින් යන බවට වාර්තා වේ.

මේ හේතුවෙන් ගුවන් ‍සේවා සමාගමට   ලක්ෂ 600ක පමණ   පාඩුවක් සිදුවන අතර මේ වෙනුවෙන් ඉදිරියේදී නීතිමය වශයෙන් පියවර ගැනීමට ටෙන්ඩර් කැඳවු නව   සමාගම් කටයුතු කිරීමට නියමිත බවට වාර්තා වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!