Gossip

ගිහි ගෙදරින් සම්බුදු සසුනට ගිය රූමතිය – Photos

මේ ජීවිතේ හරි පාර හොයාගෙන යන මිනිස්සු ගොඩක් අඩුයි.
මායාවකට රැවටිලා අපි යන ගමන දුක් ගොඩක් කිව්වොත් නිවැරදියි.
බුදුන් වහන්සේ වදාල ධර්මයට අනුව ජීවිතේ ගෙනියනවානම් කවමදාවත් වරදින්නේ නෑ.
පසුගිය දවස් ටිකේම අපිට දකින්න ලැබුණු පිංබර පුවත් තමයි තරුණයන් කිහිප දෙනෙකුම සම්බුධු සසුන බබලවන්නට සසුන්ගතවීමේ සිද්ධි.
මේ අපි කියන්න යන්නෙත් ඒ විදිහට තරුණියක් මෙහෙනින් වහන්සේ විදිහට සසුන් ගතවීමේ සිද්ධියක්.
මුහුණුපොතෙන් අපිට හමුවුණු මේ කතාව ඇයගේ අයියා විසින් මෙලෙස සඳහන් කර තිබුණේ මෙලෙසින්.
“මගෙ එකම මල්ලි ගත් මගම යමින් මගෙ එකම නංගිද අද දින ගිහි ගෙදරට සමුදි “ගල්ගමුවෙ ධම්මපාලි” මෙහෙණින් වහන්සේ නමින් සසුන් ගත විය. කිවයුතු කිසිවක් සිතින් මුවින් නොපිටවේ.
දැනෙනා කදුලු වාවා ගත නොහැකිය .මන්ද මා හට ආදණිය සහෝදර දෙදෙනාගෙම අඩුව දැනෙන නිසා.
ඔබ වහන්සේට මේ බුද්ධ ශාසනය තුලදිම උතුම් වු චතුරාර්‍යා සද්ධර්මය අවබෝධ වේවා වේවා වේවා !!!

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!