Gossip

“ගැහැනු සබඳකම් තුනට වැඩිය මට තිබිලා තියෙනවා – මං බැන්ඳා කියලා දුවට දුකක් නැහැ කියලා මං දන්නවා” – මධුමාධව අරවින්ද

මධුට කොහොමද නිලුකාව මුණ ගැහෙන්නේ?
එයා නර්ස් නෝනා කෙනෙක්. මං කලින් ඉඳන්ම ඇයව දන්නවා.

දෙදහස් පහළොවදි මගේ ජීවිතයට යම් ප්‍රශ්නයක් වුණා. එතැන් පටන් තනිකඩ ජීවිතයක් මං ගෙව්වෙ. අරවින්ද යායේ මල් පිපෙන්නේ නැහැ කියලා කිව්වා. ඇය මං කියන කරන දේවල් බලාගෙන ඉඳලා තියෙනවා. අපි දෙන්නා කතා කළා. අකුරු කෙටුවා. ගෙදර ආවා. අම්මලා එක්ක කතා කළා. අකුරු කෙටිල්ල වැඩි වුණා. අකුරු ලක්ෂ ගණනක් කෙටුවා. ඒ වන කොටත් මං ජීවිතයේ නවාතැන් පොළවල් දෙකක් පහු කරලා තිබුණා. ඇය ඒක දන්නවා. මං කවදාවත් නාපු ගඟකට බැනලා නැහැ. කාපු කෑමකට දොස් කියලා නැහැ. කොච්චරවත් මට මිනිස්සු ගල් ගහද්දි මං කෑගහලා කියලා තියෙනවා මං එක්ක හිටපු ගැහැනු වැරැදි නැහැ කියලා. මගේ ජීවිතයේ වෙච්ච දේවල් නිලූකා දන්නවා. මං ගෞරව කරන ගැහැනුන්ට ඇයත් ගෞරව කළා. මං කාටවත් වැරැදි කියන්නේ නැහැ. වෙන මිනිස්සු කසාද කැඩුණම ගැහැනුන්ට බැනලා පිරිමියා හොඳ වෙනවා. ඒක තමයි අපේ රටේ හැටි. කොතනකදිවත් මං හරියි කියලා නැහැ. නිලූ මේ හැම දෙයටම අත් දෙක ඔසවලා සාධුකාරයක් දුන්නා. මට ඕන කළේ එවන් ගැහැනියක්. අප හඳුනා ගත්තා. අකුරු කොටලා ඉවරයක් නැති වුණා. මං දැකලා තියෙනවා ගෙවල් දැක්කම වෙනස් වන ගැහැනු. රටවල්වල ලස්සන දැක්කම වෙනස් වන ගැහැනු, සමහර මිනිස්සුන්ට ලොකු දේවල් ඇයට බොහොම පුංචියි කියලා මට හිතුණා. එංගලන්තයේ ඇය ජීවත් වූ පරිසරය තුළ බොහෝ දේ ඇය අතහැරියා. එවන් වූ ගැහැනියකට මගේ ජීවිතයේ ඉඩ වෙන් කර ගන්නට පමා වෙන්නේ ඇයි.

අරවින්ද යායේ ආයේ මල් පිපෙන්නේ නැහැ කියලා ඔබ ප්‍රසිද්ධියේ කිව්වා?
කාලයක් ගතවෙද්දි බොහෝ දේවල් වෙනස් වෙනවා. නූපූදින තැන්වල මල් පිපෙනවා. අරවින්ද යායේ පිපුණු මල් ගැන ප්‍රශ්න තියෙන්නේ වෙන අයට. සමහරු අහනවා ආ . . . මේ තුන්වැනි වතාව නේද කියලා. මං ඒ අයට කියන්නේ මේ තුන්වැනි වතාව නෙවේ. ගැහැනු සබඳකම් තුනට වැඩිය මට තිබිලා තියෙනවා. අනිත් අය තමන්ගේ සබඳතා හංගන තැනට මං පත් වෙලා නැහැ. මං විවෘතයි. ඔය තුන්වැනියා නේද කියලා අහන අය කාමර ඇතුළෙ හත් අට දෙනාට ආදරේ කරනවා. මං දන්න ගොඩක් අය එහෙමයි. ගමේ ඉන්න අයට ගම ලොකුයි. නමුත් මං ගම අතහැරලා දාල එනවා. ඒක මට සතුටුයි. සමහරු රටින් පිට යන්නේ නැති වුණාට මං රටින් පිට යනවා. ගිහින් ලෝකය දකිනවා. ඒ මගේ හැටි. ලෝකෙට සඟවන ඉන්බොක්ස් යාළුකම් මට නැහැ. අරවින්ද යායේ තවත් මලක් පිපුණා. ඒක අන්තිම මල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

පෙර අමිහිරි අත්දැකීම් එක්ක ආයේ විවාහ වෙන්න බයක් එහෙම…?
පෙර සියලු සබඳකම් නැවතුණේ මට අවශ්‍ය වෙලාවට. මං දකුණට හැරෙද්දි මාත් එක්ක දකුණට හැරෙන්න ඕන. මං දකුණට හැරෙද්දි වමට හැරුණොත් මං ආයෙ දකින්න ලැබෙන්නෙ නැහැ. මගේ පළමු පෙම්වතිය බිරියක් මවක්. ඇය දිහා බලපුවාම සතුටක් තියෙනවා. මං මේ ලෝකෙට ආවෙ නිවන් යන්න හිතාගෙන නෙවෙයි. මං හොඳ බෞද්ධයෙක්. මං ජීවත් වෙන්නේ මට ඕන විදිහට. පොඩි කාලෙ ඉඳලම ඒ දඩබ්බරකම තිබුණා. ඉස්කෝලෙ යන්න බැහැ කියලා හිතුණම ගියේ නැහැ. මම මමම වුණා. මගේ තීරණ ගන්නේ මම, හරි ගියා හෝ නැතා.

ඔබේ දියණියට ඔබේ විවාහය ගැන දැන් වූවාද… මොකද ඇය කිව්වේ…?
ඇයට මං ලිපියක් ලිව්වා. දියණිය සහ මගෙ අතර ඇති සබඳතාවයේ යම් පලුද්දක් තියෙනවා. ඒ වුණත් කෙදිනකවත් ඇයට අපහාසයක් දුකක් ගෙන දෙන්නක් කරලා නැහැ. තාත්තා බැන්දා කියලා දුවට දුකක් නැහැ කියලා මං දන්නවා. නමුත් මගේ ළඟ නැවතිලා හිටපු අයට මොකක් හෝ වේදනාවක් තියෙනවා කියලා මට දකින්නට අහන්නට ලැබෙනවා.

කොහොමද ඔබේ කලා කටයුතු?
දිගු කලකින් ලියන්න කියන්න බැරි වුණා. ඉදිරියේදී වැඩිපුර ඒ කලාවට හිත යොමු කරනවා. ලියන දේවල් කියවන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියලා මං දන්නවා. ඒ අය වෙනුවෙන් යමක් කරන්න ඕන.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!