Gossip

ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 6 ක් දිවයිනට

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණ තිබෙනවා.

UL – 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණි බව පොලිසිය සඳහන් කළා.

එම අවස්ථාවේදි එම පිරිස කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරින් භාරයට ගැණුනා.

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් සමඟ සිටියදි පසුගියදා ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් ඇතුළු තවත් පිරිසක් ඩුබායි පොලිසීය විසින් අත්අඩංගුවට ගත්තා.

පසුව එරට සිදු කළ පරික්ෂණ අනුව මීට පෙර අවස්ථා කිහිපයකදි 23දෙනෙකු මෙරටට පිටුවාහල් කළා.

ඒ අනුව මේ වනවිට මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 29 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා.

මේ අතර මාකඳුරේ මධුෂ් විසින් තමන්ව ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන්ගෙන් අභියාචනයක් කර තිබු අතර එහිදි එම අධිකරණය එම අභියාචනයේ තීන්දු ලබා දීම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට තීරණය කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!