Gossip News

මහමගදී පහර දුන් පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ඊයේ (29) සවස වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් අද(30) දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අදාළ නිලධාරියා මහරගම පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

අදාළ රියදුරු ඊයේ උදෑසන ලොරි රථයකින් පැමිණ ඇති අතර, එම අවස්ථාවේ දී නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මාර්ගයේ රාජකාරී සිදුකරමින් සිටි මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයේ ගැටී තුවාල ලබා ඇත.

එම අවස්ථාවේ ඒ අසලම පදික මාරුවේ රාජකාරි කරමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා එහිදී රියැදුරු අල්ලාගෙන අමානුෂික ලෙස පහර දී තිබේ.

මාර්ගයේ ගමන් කළ අයෙක් විසින් මෙම පහරදීම සමාජ මාධ්‍යට මුදා හැර තිබේ. තුවාල ලැබු රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!