Gossip News

අහස උසට ගිය ඇමැති කාර්යාල කුලි

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන රාජ්‍ය අමාත්‍යයාංශ තුනක් සහ ඇමැති කාර්යාල දෙකක් වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ දහ නවදහස් හයසිය අසූ පහක් ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

සංචාරක ඇමැතිවරයාගේ කාර්යාලය සඳහා රුපියල් දහ නව ලක්ෂ තිස්දහස් අටසිය අටක්, බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයට රුපියල් දාහත් ලක්ෂ හැට හතරදහස් හත්සිය විස්සක් මාසිකව ගෙවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් තිස් අට ලක්ෂ පනස් එක් දහස් හයසිය තිස් එකක්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත. රාජ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් හැත්තෑ දෙලක්ෂ විසි දෙදහස් හයසිය හැට හතරක් සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් තිස් ලක්ෂ හතළිස් නව දහස් අටසිය හැට දෙකක් මාසිකව ගෙවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ රජයේ ගොඩනැගිලි වෙත ගෙන යාම සඳහා වන කාර්යාල සංකීර්ණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීමට කටයුතු සිදුකරමින් පවතින බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!