Gossip

කොරෝනා වෛරසය බිළිගත් ජීවිත ගණන ඉහළ යයි – ආසාදිතයෝ 6000 ක්..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වූ චීන වැසියන්ගේ ප‍්‍රමාණය 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආසාදිත රෝගීන් ප‍්‍රමාණය හයදහස ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම කොරෝනා වෛරසයට ලක්ව ඇතැයි සැක කරන රෝගීන් 9239 ක්ද හමුව තිබෙනවා.
මේ අතර චීනය හැර රටවල් 18 කින් ආසාදිත රෝගීන් හමුව ඇති අතර වැඩිම පිරිස හමුව ඇත්තේ තායිලන්තයෙන්.
හොංකොං රාජ්‍යයෙන් රෝගීන් 8 ක්ද, තායිවානයෙන් 8 ක්ද, ජපානයෙන් 7 ක්ද, මැකාවු රාජ්‍යයෙන් 7 ක්ද, මැලේසියාවෙන් 7 ක්ද, සිංගප්පූරුවෙන් 7 ක්ද හමුව තිබේ. එමෙන්ම ඔස්ට්‍රේලියාවෙන් රෝගීන් 5 ක්ද, ඇමරිකාවෙන් 5 ක්ද, ප‍්‍රංශයෙන් 4 ක්ද, ජර්මනියෙන් 4 ක්ද, දකුණු කොරියාවෙන් 4 ක්ද හමුව තිබෙනවා.
කැනඩාවෙන් රෝගීන් 3 ක්ද, වියට්නාමයෙන් 2 ක්ද, කාම්බෝජය, නේපාලය හා ශී‍්‍ර ලංකාවෙන් රෝගීන් එක් අයකු බැගින් හමුව තිබේ. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද වෛරසය ආසාදනයට ලක්වූ චීන ජාතිකයකු සොයාගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!