Gallery

කොරෝනා වෛරසය පරාජය කළ 111 වියැති කාන්තාව

දකුණු ඇමරිකාවේ චිලී රාජ්‍යයේ වෙසෙන හුවානා සුනීගාගේ වයස අවුරුදු 111 කි. ඇගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටියේ වැඩිහිටි නිවාසයකය.
හුවානාගේ සොයුරිය මීට වසර හයකට පෙර මිය ගියාය. සන්තියාගෝ අගනුවර පිහිටි වැඩිහිටි නිවාසයකට ඇය ඇතුළු වුණේ ඉන් අනතුරුවය.
මේ වැඩිහිටි නිවාසය ද කොරෝනා වෛරසයට ගොදුරු විය.
එම වැඩිහිටි නිවාසයේ සිටි සියලූ දෙනා වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් වීමෙන් අනතුරුව හුවානා ද කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය.
මේ වනවිට ලොව වටා මාධ්‍ය ඇය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා නොව ඇය කොරෝනා වෛරසය පරාජය කළ නිසාය.
COVID 19  රෝගය වැළඳී සුවය ලැබූවන් අතර චිලී රාජ්‍යයේ සිටින වයස්ගතම කාන්තාව හුවානා බව එරට බලධාරීහු නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළහ.
කොරෝනා වෛරස වසංගතය පැතිර යෑමට කලින් සිට ඇය ශ්වසන ආබාධවලින් පෙළුණාය. නමුත් කොරෝනා වෛරසයෙන් ඇයට දැඩි බලපෑමක් ඇති නොවිණි.
‘‘හොඳ වෙලාවට එයාට බරපතළ රෝග ලක්ෂණ මතු වුණේ නැහැ. වාර කිහිපයක් උණ හැදුණා’’ ඇය ජීවත් වන වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරිය වන මරියා පැස් සෝර්දෝ පැවසුවාය.
හුවානාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරු එම වැඩිහිටි නිවාසයේම වෙනත් ස්ථානයකට ඇය ගෙන යන ලදී.
වසර හයක් තිස්සේ ජීවත් වූ ඇයට හුරු පුරුදු පරිසරයෙන් ඉවත් කොට වෙනත් ස්ථානයකට රැුගෙන යෑම දුෂ්කර කාර්යයක් වූ බව වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරිය පැවසුවාය.
‘‘එයාගේ වාසස්ථානය වෙනස් කිරීම තමයි අමාරුම දේ වුණේ.’’
මේ වැඩිහිටි නිවාසය තුළ කොරෝනා වෛරසයට ගොදුරු වූයේ හුවානා පමණක් නොවේ. එහි වැඩිහිටි පදිංචිකරුවන් 18 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ හත් දෙනකතු එම වෛරසයට ගොදුරු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව තහවුරු විය.
හුවානා වෙන් කොට තැබීම සඳහා වෙනත් ස්ථානයකට රැුගෙන යෑමෙන් අනතුරුව ඇය රැුක බලා ගනු ලැබුණේ එරට වැඩිහිටියන් සඳහා පවතින ජාතික සේවයේ සාමාජිකයන් විසිනි.
හුවානා දින 28 ක් එම ස්ථානයේ ගත කළාය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!