Gossip News

කොරෝනා වෛරසය නිසා විභාග කල් යයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟිනක් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව විභාග දින නියමක් නොමැතිව කල් දමා ඇති බවත් නැවත විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

එමෙන්ම රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය(Online) ක්‍රමයට පමණක් සිදු කරනු ලබන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

නිරෝධායනය හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට ජනතාව රැස්වීම සීමා කර ඇති අතර නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තුව එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දමා ඇත.

එසේම 2020 වර්ෂයේ පැවැත් වීමට නියමිත උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2020 මාර්තු 31 දක්වා දිගු කර තිබේ.

මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.

ඉහත තොරතුරු පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් 1911 ක්ෂණික දුරකථන අංකය මඟින් තොරතුරු ලබා ගත හැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!